නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ කටයුත්තක් නිසා විවාදයට ගත නොහැකියි- නියෝජ්‍ය කාරකසභා සභාපති

    ජූනි 21, 2016

    අධිකරණයේ පවතින කටයුත්තක් බැවින් අත් අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් කළ නොහැකි බව නියෝජ්‍ය කාරකසභා සභාපති එස්.අඩෙක්කලනාදන් මහතා පැවසීය.

    අද (21) පාර්ලිමේන්තුවේ දී මූලාසනයේ සිටිමින් මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අත් අඩංගුවට ගැනීම පිළිබඳ  සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුවය.

     

    විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් නැගී සිටිමින් විරෝධය දැක්වීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

    තමන් අසනීප වුවත් සභාවට පැමිණෙන බවත් සභාවෙන් එළියේ සිටිනවා යැයි කියන උදය ගම්මන්පිල මහතාට සභාවට එන්න කියන්න යැයි එම අවස්ථාවේ පිළිතුරු දීමට නැඟී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya