නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර හා නායයාම් ආපදා වූවන්ට ඉන්දුනිසියා ආධාර

    ජූනි 21, 2016

    ගංවතුරෙන් හා නායයාමෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දුනීසියාවේ ‘‘සංඝ ථේරවාද ඉන්දුනීසියා’’ සංවිධානයේ සහ ලයන් එයාර් සමාගමේ සභාපති Kushan Kirana Ayung  මහතා සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ විසින් පරිත්‍යාග කෙරුණු මූල්‍යමය ආධාර අද (21) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වවිණි.

    ඉන්දුනීසියාවේ ‘‘සංඝ ථේරවාද ඉන්දුනීසියා’’ සංවිධානයේ සහ ලයන් එයාර් සමාගමේ සභාපති Kushan Kirana Ayung  මහතා විසින් රුපියල් විසිපන් ලක්ෂ හය දහසක මුදලක් (2,506,000) සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ විසින් රුපියල් ලක්ෂ පහක (500,000) මුදලක් මෙලෙස පරිත්‍යාග කෙරිණි.

     

    මෙම මූල්‍ය පරිත්‍යාගයන් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වූ අතර මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, බෙල්ලන්විල ඇසළ පෙරහැර කමිටු සභාපති එච්.ඩී. පේ‍්‍රමසිරි, උප සභාපති මහින්ද මඩිහහේවා, ලේකම් කේසර ලාල් ගුණසේකර, භාණ්ඩාගාරික රූබන් වික‍්‍රමආරච්චි, දායක සභාවේ සභාපති ආර්.ඒ. විජේරත්න යන මහත්වරුන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya