නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු- ශ්‍රී ලංකා වැරදි විග්‍ර‍හ ගැන දෙරට අවබෝධයෙන් කටයුතු කරනවා- ජනපති

    ජූනි 18, 2016

    ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර සබඳතා පිළිබඳ අන්තවාදීන් නොයෙකුත් වැරදි විග‍්‍රහයන් සිදු කළද වත්මන් රජය යටතේ දෙරටම ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඉන්දීය රජයේ ආධාර මත සංවර්ධනය කරන ලද යාපනය ඇල්ෆ‍්‍රඞ් දුරෙයිඅප්පා කි‍්‍රඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (18) පෙරවරුවේ එක් වෙමිනි.

     

    මෙම කී‍්‍රඩා සංකීර්ණය සංවර්ධනය කර උතුරේ දරුවන්ට පවරාදීමට හැකිවීම ඉන්දීය – ශී‍්‍ර ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් බව ද ජනාධිපතිතුමා පැවසීය.

     

    ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහය ලැබෙන අතර අන්තර්ජාතික සහ කලාපීය වශයෙන් ද දෙරටේ සබඳතා ඉතා වැදගත් බව ජනාධිපතිතුමා මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

     

    කි‍්‍රඩාංගණය ජාති,ආගමි, කුල සියලු භේද අභිබවා සංහිඳියාව ගොඩනගන කේන්ද්‍රස්ථානයක් බව ද පැවසූ ජනාධිපතිතුමා උතුරේ සහ දකුණේ දරුවන් අතර සංහිඳියාව ගොඩනඟන තෝතැන්නක් බවට යාපනය දුරෙයිඅප්පා කි‍්‍රඩාංගණය පත්වනු ඇති බව ද ප‍්‍රකාශ කළේය.

     

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන නායකයකු වු ඇල්ෆ‍්‍රඞ් දුරෙයිඅප්පාට එදා තැබූ වෙඩි පහර සංකේතවත් කළේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙඩි තබා ඝතනය කිරීමක් බවත්, අද ඉන්දියානු රජයේ අනුග‍්‍රහයෙන් දුරෙයිඅප්පා කී‍්‍රඩාංගණය නැවත සංවර්ධනය කොට විවෘත කිරීම මගින් ඒ අතීත මතක මකා දමා, සංහිඳියාව පිළිබඳ නව ගමනක බලාපොරොත්තුවක් ඇති කරවන බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

     

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාව ඇමතූ අතර එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉන්දීය රජය සැමදා ශී‍්‍ර ලංකාව සමඟ සහෝදරත්වයෙන් අත් වැල් බැඳගෙන සිටින බවයි. ශී‍්‍ර ලංකාවේ සියලු ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගෙනු දැකීම ඉන්දීය රජයේ අපේක්ෂාව බව ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් කී‍්‍රඩා අමාත්‍යාංශ විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් ද මෙහිදී පැවැත්වුණු අතර පාසල් දරුවන් පන්දහසකගේ සහභාගිත්වයෙන් පැවති එම වැඩසටහනට සමගාමීව ඉන්දියාවේ නව දිල්ලි නුවර පාසල් සිසුන් 11,000 ගේ සහභාගිත්වයෙන් පැවති වැඩසටහන ද මෙහිදී චන්දි‍්‍රකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කෙරිණි.

     

    රුපියල් මිලියන 145 ක් වැය කරමින් ඉන්දීය රජයේ අනුග‍්‍රහයෙන් යාපනය දුරෙයිඅප්පා කි‍්‍රඩාංගණය සංවර්ධනය කර තිබේ.

    උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන්, ඩග්ලස් දේවානන්ද, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, පී. සරවනභවන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතා ඇතු`ථ ඉන්දීය නියෝජිත පිරිසක් ද, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya