මුදල් අමාත්‍ය රවී කරුණානායක, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කිරීමටත්, විපතට පත් ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කෙරෙන තුරු අවශ්‍ය සියලු සහන කටයුතු එම කමිටුව මඟින් සම්බන්ධීකරණය කිරීමටත් මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය.
කොස්ගම, සාලාව අවි ගබඩා සංකීර්ණයෙහි සිදුවූ හදිසි පිපිරීමෙන් විපතට පත් ප‍්‍රදේශවාසී ජනතාවට කඩිනම් සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.
විපතට පත් ජනතාවට නොඅඩුව සියලු සහන සැලසීමට රජය කටයුතු කළේ ඇතැම් දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කි‍්‍රයාත්මක වූ උද්ඝෝෂණ නිසා නොව, ඉතා සංවිධානාත්මකව එම කටයුතු කි‍්‍රයාවට නංවමින් බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.
නිවාස හා දේපළ හානි සිදු වූ පවුල් වෙනුවෙන් මාසිකව ලබාදෙන රුපියල් 50,000 දීමනාව කඩිනමින් සහ විධිමත් අයුරින් ලබාදීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා හානි වූ දේපළ හා නිවාසවල වටිනාකම් තක්සේරු කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද උපදෙස් දුන්නේය.
ඒ සඳහා රජයේ තක්සේරු නිලධාරින් ප‍්‍රමාණවත් නොවේනම් කාර්ය මණ්ඩල බඳවා ගැනීමට ද වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
මෙම සියලු කටයුතු කි‍්‍රයාත්මක කිරීමේදී කිසිදු අවස්ථාවක චක‍්‍රලේක බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට පැවසීය.
විනාශ වූ සාලාව නගරය යළි ගොඩනැගීමේදී විධිමත් නගර සැලැස්මක් ඔස්සේ දියුණු නගරයක් ලෙස ගොඩනැගීමට ද ජනාධිපතිතුමා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, රවී කරුණානායක, පාඨලී චම්පික රණවක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ යන මහත්වරුන් ඇතුළු පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු පිරිසක් ද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිළධාරිහු ද විපතට පත් ප‍්‍රදේශවාසී ව්‍යාපාරිකයින් මෙන්ම ජනතාව නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.