රුවන්වැලි මහා සෑ මළුවේ විහාර මන්දිරය ඉදිකිරීම 1950 පමණ සිදු වී ඇති අතර එදා සිට ක‍්‍රමවත් ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියකට භාජනය නොවීම හේතුවෙන් ගරාවැටීමට ලක්ව තිබිණ.
රුවන්වැලි මහා සෑය විහාරාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරත්න නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විහාර මන්දිරය ප‍්‍රතිසංස්කරණය සිදු වූ අතර එහි ප‍්‍රධාන දායකත්වය ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය විසින් සිදු කරන ලදී.
ඓතිහාසික රුවන්වැලි මහා සෑය පුද බිම වෙත ඊයේ ගිය ජනාධිපතිතුමා පළමුව රුවන්වැලි මහා සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර ප‍්‍රතිසංස්කරණය කරන ලද විහාර මන්දිරය විවෘත කළේය.
විහාර මන්දිරයේ දොරටුව විවෘත කර බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත ප‍්‍රථම පුජෝපහාරය දැක්වූ ජනාධිපතිතුමා විහාර මන්දිරයේ නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
රුවන්වැලි මහා සෑය පිළිබඳ තොරතුරු ඇතුලත් වෙබ් අඩවිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.
විහාර මන්දිරය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා දායකත්වය ලබාදුන් ශී‍්‍ර ලංකා යුද හමුදා නිලධාරීන් ඇගයීමට ලක් කරමින් සමරු තිළිණ ප‍්‍රධානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
රුවන්වැලි මහා සෑ රදුන් අභියස ඊයේ දින ආලෝක පූජාව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
රුවන්වැලි මහා සෑය විහාරාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ද බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.