නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුර්කි විදේශ ඇමැති ජනපති හමු වෙයි

    ජූනි 16, 2016

    දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් (Mevlut Cavusoglu) මහතා ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

    තුර්කි – ශී‍්‍ර ලංකා සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ශී‍්‍ර ලංකාවේ දැනට පවතින තුර්කි ආයෝජන තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම පිළිඳව ද අවධානය යොමු විය.

     

    ඉදිරියේදී ශී‍්‍ර ලංකාවට ආර්ථික වශයෙන් ජයග‍්‍රහණ රැසක් අත්කරගත හැකි බව මෙහිදි පැවසූ තුර්කි විදේශ අමාත්‍යවරයා ඒ සඳහා තුර්කි රජයෙන් ලබාදියහැකි සෑම සහයක්ම ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.

     

    එමෙන්ම අතීතයේ පටන් දෙරට අතර පවතින මිත‍්‍රත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.


    ශී‍්‍ර ලංකාවේ තුර්කි තානාපති Tunca Ozuhadav මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya