පාර්ලිමේන්තු කටයුතු ප.ව. 1.00ට ආරම්භ වීමෙන් පසුව මේ තත්ත්වය ඇතිවිය.
පසුව පාර්ලිමේන්තු සභගර්භයේ ශබ්ද විකාශන පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නවතා තිබූ පාර්ලිමේන්තු සභාගර්භයේ කටයුතු යළි ආරම්භ විය. පාර්ලිමේන්තුව අද (08) ප.ව.1.00ට ආරම්භ වීමෙන් පසුව මෙම තාක්ෂණික ගැටළුව ඇති වී තිබේ.ඒ අනුව කතානායක කරූ ජයසූරිය මහතා සභාවේ කටයුතු මද වේලාවකට නවතා දැමීමට පියවර ගත්තේ ය. අනතුරුව සභාවේ කටයුතු ප.ව. 2.36ට පමණ ආරම්භ වූ අතර කතානායකවරයා විසින් හෙට (09) පෙ.ව. 9.30 දක්වා පාර්ලිමේන්තුව කල්තබන ලදී. අද (08) දින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ද විවාදයට ගැනීමට නියමිතව තිබිණි.