සමුද්‍ර පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්, පිවිතුරු සයුරක් – නිරෝගීමත් ලොවක්, තේමාව යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය එක්ව පා ගමන සංවිධානය කර තිබුණි.
ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විහාරමහාදේවි එළිමහන් රංගපීඨය අසළින් ආරම්භ කෙරුණු පා ගමන කොළඹ ගාලූ මුවදොර පිටිය දක්වා ගමන් කළේය.
සමුද්‍ර පරිසරයේ වැදගත්කම පිළිබඳව ලෝක ප‍්‍රජාව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජූනි මස 08 වෙනි දින ජගත් සාගර දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.
ශී‍්‍ර ලංකාවේද එය අඛණ්ඩව සමරනු ලබන අතර ඒ වෙනුවෙන් වෙරළ පවිත‍්‍ර කිරීමේ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලබයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් වාර්ෂිකව එළිදක්වනු ලබන, සත් සමුදුර, සඟරාවේ පළමු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රෝහණ පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.