අග්‍රමාත්‍යවරයගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවෙ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරිකාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.
ස්වාභාවික ආපදා, ගංවතුර, නායයෑම්,නියඟ නිසා විශාල පිරිසක් ආපදාවට ලක්ව තිබෙන බවත් ආපදා වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන්නේදැයි මන්ත්‍රීවරයා විමසා සිටියේ ය.
මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, ගංවතුර, නාය යෑම් හා පිපිරීම්වලට අප මුහුණ දුන්නා.අපට ආපදා කළමනාකරණයේ යම් යම් අඩුපාඩු හදුනාගත්තා.සාලාව පිපිරීම අවස්ථාවේ දී ගංවතුරට යටවූ ජනතාවත් දුක්වින්දා. මේ කටයුතු සියල්ල එකාබද්ධව කරන්නට අවශ්‍යයි . ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි. ආපදා සහන සේවා ශක්තිමත් කළ යුතුයි. සමහර ප්‍රදේශවලට ආහාර ලැබුණේ නෑ.ඒ අත්දැකීම් අපට තිබෙනවා.
කළණි ගං මිටියාවතේ කුඩා ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය,ඒ අයට තමන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විශේෂ සහනාධාර ක්‍රමයක් අපේ බැංකුවලින් ඇතිකරගෙන යනවා.
සාලාව පිපිරුමින් හානි වූ නිවාස සඳහා අවශ්‍ය මුදල් දෙන්නම්.කැලණි ගඟට ජලය යන මාර්ග අවහිර වී තිබෙනවා.ඇලවල් සුද්ද කරන්න අවශ්‍යයි.එක සැලැස්මක් අනුව කටයුතු කළ යුතුයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.