අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
2015 වර්ෂයේ දී දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,777ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම සංඛ්‍යාවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 60ක් බව පැවසී ය.
දැනට ක්‍රියාත්මක ඩෙංගු රෝග මර්දන වැඩපිළිවෙල සාර්ථක වී තිබෙන බව කී අමාත්‍යවරයා, බස්නාහිර පළාතේ විශාල ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද බවත් මදුරු මර්දන සතියක් ප්‍රකශයට පත් කර ඇති බවත් පැවසී ය.
තවදුරටත් පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරය, සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කාර්යාල මට්ටමින් ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව ප්‍රජා සහභාගීත්වයෙන් මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා.
2014 ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,502ක්. එය වසර 2015 දී 29777කට අඩු වී තිබෙනවා. මිය ගිය සංඛ්‍යාව 97 සිට 60කට අඩු වී තිබෙනවා. මේ වසරේ අප්‍රේල් මස තෙක් ඩෙංගු රෝගීන් 1563ක්.මැලේරියා රෝගය වගේම තව අවුරුදු දෙක තුනකින් ඩෙංගුවලින් මිදිය හැකියි.
වසර අග සහ මුල ඩෙංගු රෝගයේ වැඩි වීමක් තිබෙනවා.ඩෙංගු රෝගයට අලුතින් වැක්සීන් එකක් ප්‍රංශ විසින් සකස් කර තිබෙනවා. ඖෂධ අධිකාරියට මෙම ඖෂධය යොමු කර තිබෙනවා.රටවල් කීපයක මෙම ඖෂධය භාවිතා කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. ඉදිරියේ දී එම වැක්සීන් ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා''යැයි ද අමාත්‍යවරයා පැවසී ය.