නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවක වදයට විසඳුමක් - නවක වදය නැති කිරීමට අලුත් ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    ජූනි 07, 2016

    විශ්වවිද්‍යාල නවක වදය නැති කිරීමට අලුත් ක්‍රමයක් වසර අවසනයේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව සිසුන්ට ''ඔන් ලයින්'' පැමිණිලි කළ හැකි ක්‍රමයක් දෙසැම්බර් මස වනවිට විශ්වවිද්‍යාලවලට හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමිනි.

    විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ට දැන් ප්‍රශ්න නෑ. අපි විශ්වවිද්‍යාලවලට ඇඟිලි ගහන්නේ නෑ. උපකුලපතිවරුන්ට විශ්වවිද්‍යාල පාලනයට නිදහස ලබාදී තිබෙනවා, විශ්වවිද්‍යාල පාලනය කරන්නට.

     

    ශිෂ්‍යන්ට පෙළපාළි යන්න අවශ්‍ය නෑ. මහපොළ වැඩිකළා, ශිෂ්‍යාධාර වැඩිකළා, ලැප්ටොප් පරිගණක ලබාදුන්නා. අධ්‍යාපනයට පෞද්ගලික දායකත්වයක් අවශ්‍යයි.සංවර්ධනය පිළිබඳව පසුගිය දස වසර තුළ කතා කළාට, අපට ලැබුණේ ණය වරිකයක්වත් ගෙවන්න බැරි ආර්ථිකයක්.


    නවක වදය නැති කිරීමට අලුත් ක්‍රමයක් හදුන්වා දෙනවා. ''ඔන් ලයින්'' ලෙස පැමිණිලි කිරීමේ ක්‍රමයක් දෙසැම්බර් මාසය වනවිට විශ්වවිද්‍යාලවලට හඳුන්වා දෙනවා. අපි රටට අවශ්‍ය, අංග සම්පූර්ණ ශිෂ්‍යයන් බිහි කිරිමේ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කර තිබෙන්නේ.පොත පතේ අධ්‍යාපනය පමණක් නොව කලාව, ක්‍රීඩාව විශ්වවිද්‍යාල තුළ තිබෙන්නට අවශ්‍යයි''යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya