නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් සියලු ජනතාවට කණගාටුව පළ කරනවා- සියලු දෙනාම එකට එකතු වී කටයුතු කළ යුතුයි

    මැයි 25, 2016

    ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ සියලු ජනතාවට තම කණගාටුව පළ කරන බව සියලු දෙනාම මේ අවස්ථාවේ එකට එකතු වී කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ආපදා තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පැවසී ය.

    මිනිසුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වුණා.පුද්ගලයන් අතුරුදහන් වී තිබෙනවා.මිනිසුන් දස දහස් ගණනින් අවතැන් වී තිබෙනවා.නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.ස්වාභාවික විපතින් බලපැමට ලක් වූ ජනතව පිළිබඳව කණගාටු වෙනවා.සියලු දෙනාම මේ අවස්ථාවේ එකට එකතු වී කටයුතු කරන්න ඕන. එකට එකතු වුවොත් පමණයි මේ රටට යහපත් තත්ත්වයක් ළඟා කරගත හැක්කේ.

    අන්තර්ජාතික වශයෙන් ආධාර ලැබී තිබෙනවා.  ඔවුන්ගේ සුබසාධනය පිළිබඳව කටයුතු කිරීම, ජනතාව විඳින පීඩාවන් හැකි ලෙස අවම කිරීම වැදගත් වෙනවා යැයි ද විපක්ෂනායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya