සභානායකවරයා මේ බව ප්රකාශ කළේ, අද (25) පාර්ලිමේන්තුවේ දී ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.
රජය පැහැදිලි පොරොන්දුවක් දෙනවා, නිවාස ලබාදීමට. කොච්චර කීවත් අයින් වෙන්නේ නෑ,කන්ද උඩරට මේ තත්ත්වය ඇති වුණේ. ගම් පිටින් ම වෙන තැනකට අරන් යනව නම් මේ තත්ත්වය අඩු කරගන්න පුළුවන්. ඉඩම් වාසස්ථානයට සුදුසුද කියලා බලනවා. අපි සියලු ප්රශ්න විසදීමට කටයුතු කරනවා යැයි ද සභානායකවරයා පැවසී ය.