නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපත්වලින් වැඩියෙන්ම පහර වැදුණේ දරුවන්ටයි- මේ අවස්ථාවේදී ලබාදිය යුතු සහාය ලබාදනෙවා

    මැයි 25, 2016

    ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කිසිම කෙනෙකුට ඇඟිල්ල දිගුරකිමින් දේශපාලනය කිරීම සුදුසු නති බවත් මේ විපත්වලින් වැඩියෙන්ම පහර වැදුණේ දරුවන්ට බවත් මේ අවස්ථාවේදී ලබාදිය යුතු සහාය ලබාදනෙ බවත් හිටපු ජනාධිපති,කුරණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙනා සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසී ය.
     
    මේ ඛේදවාචකය දැන් අවසානයි. අපි කිසිම කෙනෙකුට මේ පිළිබඳ ඇඟිල්ල දිගුරකිමින් දේශපාලනය කිරීම සුදුසු නැහැ කියායි මා විශ්වාස කරන්නේ. මේ විපතට පත් ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුයි. පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම අපි සියළුදෙනාටම තිබෙනවා. මේ ගංවතුරෙන් හා නායයාමේ මියගිය අයගේ පවුල් ආරක්ෂා කරන්න කටයුතු කළ යුතුයි. මේ විපත්වලින් වැඩියෙන්ම පහර වැදුණේ දරුවන්ට. දරුවන්ගේ පාසල් පොත් නැහැ. බෑග් නැහැ‍. නිවාස න්වත ලබාදීම පිළිබඳව අවධනය යොමු කළ යුතුයි. මේ විපතට ජනමාධ්‍ය ඉදිරිපත් වෙලා කළ සේවය අපි ඇගයිය යුතුයි. අපෙන් මේ අවස්ථාවේදී ලබාදිය යුතු සහාය ලබාදනෙවා යැයි ද මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya