විදුලී සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඉදිරියේ සිය කණගාටුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කතානායකවරයා මේ බව පැවසී ය.
පාර්ලිමේන්තුව ඉදිරියේ සමාව ගැනීම පිළිබඳව අමම අගය කරනවා.වරදක් පිළිගැනීම දේශපාලන අනාගතයට ආශිර්වාදයක් වන බව කියන්නට පුළුවන්. එවැනි සිද්ධියක් ඇතිවීම සම්බන්ධයෙන් මම කණගාටුවට පත්වෙනවා.පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි.මෙය මුළු රටටම ආදර්ශවත් විය යුතු තැනක්.පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමේ ක්‍රියාව මා අගය කරනවා.
පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට මට විනය පියවර ගන්න වෙනවා.ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරගෙන අපිට සාමූහිකව එකඟත්වයෙන් සමඟියෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා යැයි ද කතානායකවරයා පැවසී ය.