නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දරුවන් සුරකිමු ” වැඩසටහන ගැන විශේෂ සාකච්ඡාවක්

    මැයි 25, 2016

    වර්තමානයේ දරුවන් මුහුණදෙන ගැටලු සහ ඊට විසඳුම් යෝජනා ඇතුළත් “දරුවන් සුරකිමු ” ජාතික වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

    පවුල් සංස්ථාව තුළ හා සමාජය තුළ ළමුන් විවිධ අපචාර/අපයෝජන හා අනතුරුවලට ලක්වීම, මුල් ළමාවිය සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයන් මගින් සපයන සේවාවන් ප්‍රමිතියකින් තොරවීම, විධිමත් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්නා විවිධ ගැටලු ආදිය මෙහිදි සාකච්ඡාවට ලක් විය.

    එමෙන්ම ළමුන් මුහුණ දෙන සෞඛ්‍යයම හා සමාජීය ගැටලු, ආබාධ සහිත ළමුන් සම්බන්ධ ගැටලු, තාක්ෂණික මෙවලම් අනිසි ලෙස භාවිතය නිසා ඇතිවන ගැටලු මෙන්ම ළමුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී සහ යුක්තිය පසිදලීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, ඇමතිනි චන්ද්‍රානී බණ්ඩාර, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, නීතිපති ජයන්ත ජයසූරිය, අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී රෝසී සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya