නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ස්වීඩන විදේශ ඇමතිනි මාග‍්‍රට් වෝල්ස්ට්‍රෝම් මහත්මිය ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කර තිබේ.
ශී‍්‍ර ලංකාව සහ ස්වීඩනය අතර ද්වි පාර්ශවික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ස්වීඩන් රජය මෙතක් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය.
ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු සඳහා ස්වීඩන රජයේ සහය ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිතුමා ස්වීඩන විදේශ අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා සිය එකඟතාවය පළ කළ විදේශ අමාත්‍යවරිය ස්විඩනයේ උප්සලා විශ්වවිද්‍යාලය සහ කැරොලින්ස්කා වෛද්‍ය ආයතනය මේ වන විටත් රජ රට විශ්වවිද්‍යාලය සමඟ එකාබද්ධව ඒ සඳහා විශේෂ ව්‍යාපෘතියක් සංවිධානය කරමින් සිටින බව ද සඳහන් කළාය.
උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණු අවස්ථා ඉහළ නැංවීමට අවශ්‍ය වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහාත්, විශේෂයෙන්ම අධ්‍යාපන, ධිවර, පරිසර යන ක්ෂේත‍්‍රවලින් ඔවුන්ගේ වෘත්තීය පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහාය වන ලෙසත් ජනාධිපතිතුමා මෙහිදි ස්වීඩන් විදේශ අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේය.
ශී‍්‍ර ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස තමා ස්වීඩන ආයෝජකයින්ට ආරාධනා කරන බව පැවසූ ජනාධිපතිතුමා රජයක් ලෙස ඒ සඳහා අවශ්‍ය පහසුකම් සළසා දීමට සූදානම් බවද කියා සිටියේය.
රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් පශ්චාත් යුධ සමයේ ඉටු කළ යුතු වගකීම් ඉටු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල මෙහිදී ස්වීඩන් අමාත්‍යවරියගේ පැසසුමට ලක් විය.