නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි දින රැළියට රාජ්‍ය දේපළ භාවිතා නොකරන ලෙස ජනපතිගෙන් උපදෙස්

    අප්‍රේල් 26, 2016
    මැයි දින රැළිය සඳහා රාජ්‍ය දේපළ භාවිතා නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් දී ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
    ඒ මහතා මේ බව අනාවරණය කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
     
    ප්‍රවාහන කටයුතු වලදී රජයේ බස්රථ යොදා ගන්නේ නම් ඒ සදහා ගෙවිය යුතු මුදල් ගෙවා ඊට අදාල රිසිට්පත රථයෙහි ඉදිරිපස අලවන ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති බවද මනුෂ නානායක්කාර මහතා තවදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරෝ , සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ද සහභාගි වුහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya