නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් පොදු මගී ප්‍රවාහනය ගැන ජනපති සාකච්ඡා කරයි

    අප්‍රේල් 22, 2016

    මධ්‍යම පළාතේ පොදු මගී ප‍්‍රවාහනය ව්‍යුහාත්මකව ප‍්‍රතිසංස්කරණය සඳහා ඉදිරිපත් වී ඇති නව යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැත්විණි.

    වර්තමාන ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ පැන නැගී ඇති ගැටලු සඳහා මෑතකදී මධ්‍යම පළාත් මගී ප‍්‍රවාහන අධිකාරිය, මොරටුව විශ්වවිද්‍යාලය හා උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය ඉදිරිපත් කළ විසඳුම් යෝජනා පිළිබඳව, ක්ෂේත‍්‍රයට අදාළ අංශ කැඳවමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

    පොදු මගී සේවාව වඩා කාර්යක්ෂම කර එහි ප‍්‍රතිලාභ මහජනතාවට සහ රාජ්‍ය හා පෞද්ගලික බස්රථ ක්ෂේත‍්‍රයට ලබාදීම සඳහා ගමන් ප‍්‍රවේශපත් ලෙස විද්‍යුත් කාඞ්පතක් හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අදාළ පාර්ශවයන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

    විශේෂයෙන්ම බස්රථ ධාවනයේදී පවතින තරගය අවම කර බස්රථ වල ගමන් ගන්නා මගීන් පත්වන අපහසුතාවයන් වළක්වමින් වඩා කාර්යක්ෂම බස්රථ සේවාවක් ලබාදීම මෙමගින් අපේක්ෂා කෙරේ.

    ප‍්‍රවාහන අමාත්‍යාංශය, ලංකා ගමනාගමන මණ්ඩලය සහ රාජ්‍ය භාණ්ඩාරයේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන්යුත් කමිටුවක් මගින් මෙම නව ක‍්‍රමය පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

    ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මධ්‍යම පළාත් මහාමාර්ග, ප‍්‍රවාහන, විදුලිබල හා නිවාස අමාත්‍ය එදිරිවීර වීරවර්ධන, ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්ම මහත්මීන් ද මොරටුව විශ්වවිද්‍යාලයේ හා උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ අදාළ විෂය පිළිබ විශේෂඥයින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya