මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2019 වනවිට නව අධ්‍යාපන ක්‍රමයක්-පාසල්වලට ඔබින ගුරුමණ්ඩල ඇති කිරීම සඳහා පනතක්

    මාර්තු 09, 2016

    වසර 2019 වනවිට නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්නට කටයුතු කරන බවත් පාසල්වලට ඔබින ගුරුමණ්ඩල ඇති කිරීම සඳහා පනතක් ගෙන එන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමස අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා පාසල් ගුරුවරු බඳවගැනීම,උපාධිධාරී රැකියා ලබාදීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් දියුණු කිරීමට නම් පුහුණු පසල් ගුරුවරු අවශ්‍යයි.ගුරු වෘත්තියේ විශාල පසුබෑමක් තිබෙනවා. නුපුහුණු ගුරුවරු නිසා ටියුෂන් බිහි වී තිබෙනවා.විදුහල්පති තනතුරුවලට දේශපලන පත් කිරීම් සිදු වී තිබුණා. පාසල්වලට ඔබින ආකාරයට ගුරු මණ්ඩල ඇති කරන පනතක් හෙන එනවා.

     

    විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි ගුරුවරු අවශ්‍යයි. සියලු දෙනා පුහුණු කරන්න තිබෙනවා. ගුරු වෘත්තිය දියුණු කරන්නට වුවමනයි. උපාධීධාරීන් බඳවාගැනීමේ දී පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. අලුත් තනතුරු ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා.

     

    2019 වනවිට නව අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා.ඒ පිළිබඳව පළාත් සභා සමඟ සාකච්ඡා කරනවා. කාරක සාභා ක්‍රමයේ දී ආඳහස් දැක්විය හැකියි.ඒ අනුව ක්‍රියා කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya