මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේවලට අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තිබෙනවා- අගමැති

    මාර්තු 09, 2016

    තේවලට අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තිබෙනවා. තේ වෙළඳපොළවලට ඇතුළ්විය යුතුයි. කුඩා තේවතු හිමියන්ට වැටෙන්න ඉඩ දෙන්න බෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා  විසින් තේ,පොල් රබර් ආදී කෘෂි නිෂ්පාදනවල මිල අඩුවීම, වී මිලදී ගැනීම, තේ කර්මාන්තයේ ගැටලු සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා,සමස්තයක් ලෙස මුළු ලෝකයේ ම භාණ්ඩ මිල අඩු වී තිබෙනවා. සමහර බෝග මිල අඩු වී තිබෙනවා.විශේෂයෙන් ම බලපා තිබෙන්නේ තේ හා රබර් වලටයි. තේ වල ප්‍රධන වෙළඳපොල මැදපෙරදිගයි,රුසියාවේ, යුක්රේනයේ තේ මිලදී ගැනීමේ තත්ත්වයක් නෑ.ලංකාවේ තේ යන්නේ මේවෙළඳපොලවලටයි.


    තේ වෙළඳපොළ අපි කතාකරගෙන යනව, පාකිස්ථනය,චීනය, ඉරානය හා තුර්කියට වැඩිපුර තේ අලෙවි කරන්න.තේ දළු කිලෝවකට රුපියල් 80ක ස්ථාවර මිලක් පවත්වාගෙන යාම සඳහා 2015 රජය වැය කළ මුදල රුපියල් මිලියන 6738යි.රබර් සඳහා රුපියල් 35ක ස්ථාවර මිලක් පවත්වාගෙන යාම සඳහා පසුගිය වසරේ රජය වැය කළ මුදල රුපියල් මිලියන 2317යි.ඊට අමතරව පොහොර සහනාධාරයත් ලබාදුන්නා.

     

    දැන් වී අතිරික්තයක් තිබෙනවා.සාමාන්‍ය කාලයේ දී වී අතිරික්තයක් තිබෙනවා. සමහර ප්‍රදේශවල වී වගාව වෙනුවට වෙනත් බෝගවලට යන එක ගැන.අපනයන වී වගාවට යනවද කියලා සාකච්ඡා කරන්න තියෙනවා.


    අපි කැබිනට් මණ්ඩලයෙත් පොහොර මිල ගැන කතා කළා.පොහොර ටොන් 8,70,000ක් පමණ වුවනයි.යළි පුදලික අංශයයි රජයේ අංශයි කැඳවනවා.පොහොර සම්බන්ධයෙන් පියවර ගැනීමට.

     

    තේ සඳහා යම් කිසි සහනයක් දෙන්න තිබෙනවා.තේ වලට අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තිබෙනවා.තේ වෙළඳපොළවලට ඇතුළ්විය යුතුයි.අපි කොතැනට  ද සහනාධාර දෙන්නේ කියලා බලන්න ඕන.අපි සාකච්ඡා කරමු.තේ වගාව ගෙනියන්න වුවමනයි.කුඩා තේවතු හිමියන් වැඩියෙන් තේ නිෂ්පාදනය කරන්නේ.ඔවුන්ට වැටෙන්න ඉඩ දෙන්න බෑ ''යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya