මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි කේන්ද්‍රයට නව අධ්‍යක්ෂවරයෙක් පත් කෙරේ

    මාර්තු 09, 2016

    මහවැලි කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂ ලෙස අරුණ ලේකම්ගේ මහතා පත් කර තිබෙන අතර ඒ මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ඊයේ (08) ලබා ගත්තේය.

    මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මෙම ධූරය සදහා අරුණ ලේකම්ගේ මහතා පත් කර තිඛෙන අතර ඔහු ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පළපුරුදු නිලධාරියෙකි.

     

    කැළණිය විශ්වවිද්‍යාලයේ මෙන්ම එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අරුණ ලේකම්ගේ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ සහ සිලෝන් ඇසට් මැනේජ්මන්ට් යන සමාගම්වල විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද, ද ෆිනැන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද එම මූල්‍ය ආයතන නගා සිටුවීමට දායක වී තිඛෙන අතර ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ නැවත ගොඩනැගීමේ අංශයේ ප්‍රධානියා ලෙස ද සේවය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya