මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිදියාවට ජනාධිපතිතුමා,රජය විශාල වැඩපිළිවෙලක් ගෙන යනවා

    මාර්තු 08, 2016

    ජාතික සංහිදියාව ඇතිකරන්න ජනාධිපතිතුමා, රජය විශාල වැඩපිළිවෙලක් ගෙන යන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර  මහතා පවසයි.

     

    අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් ගෙනා අතුරුදහන් වූවන් පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ  යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.

     

    යුද්ධය නිසා අපේ රටේ තරුණ ජීවිත දස දහස් ගණනාවක් අහිමි වුණා.භීෂණ කාලයේ සිංහල තරුණයින් විශාල පිරිසක් මේ රටට අහිමි වුණා. එහෙත් නිශ්චිත තක්සේරුවක් නෑ.සිංහල,දෙමළ,මුස්ලිම් වේවා මේ රටේ තරුණ පරම්පරව. මේ රට ගොඩනගන්න හිටිය කණ්ඩායම තමයි, මේ අතුරුදහන් වී තිබෙන්නේ.අපිට රජයක් ලෙස වගකීමක් තිබෙනවා, මේ පිළිබඳව සොයා බලන්න.අපි ජාත්‍යන්තර සහාය අරගෙන හෝ නියම ප්‍රමාණය පිළිබඳ අධ්‍යයනය කරලා,අතුරුදහන් වූවන්ට සාධරණයක් ඉටුකරන්න රටේ කවුරුත් අකමැතිවන්නේ නෑ.අතුරුදහන් වූවන්ගේ දෙමව්පියන් තවමත් තම දරුවන් එනකම් බලාගෙන ඉන්නවා.

     

    රටක් ලෙස අපට තිබෙන වගකීම තමයි,රජයක් ලෙස තිබෙන වගකීම තමයි,මේ තත්ත්වය ඇති වුණා වගේම,සාධාරණය ඉටුකරන ගමන් තවත් මේ රටේ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමේ වගකීම රජයක්,රටක් ලෙස අප හමුවේ තිබෙන ප්‍රධානම අභියෝගයයි.

     

    තවමත් අපේ සැකය දුරුකරගෙන නෑ.මෙහෙ අය බලනවා මේ රටේ නැවත යුද්ධයක් ඇතිවෙයි ද කියලා. අපි එසේ සිතන්නේ නැතිව,එකම ජාතියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව එළඹ තිබෙනවා.ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ගවලට රජය ප්‍රවේශ වී තිබෙනවා.

     

    ජතික ගීය දෙමළ භාෂවෙන් කීවා. එය හොඳ කටයුත්තක්. අපි ජාතීන් අතර විශ්වාසය ගොඩනගන්න ඇවිද්ද කට්ටිය.අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. අපිට තිබෙන අභියෝගය තමයි නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන්න කටයුතු කිරීම. ජාතිවාදයෙන් කතා කරල, ඒ තත්ත්වයෙන් මිදෙන්න බෑ. ජාතික සංහිදියාව ඇතිකරන්න ජනාධිපතිතුමා, රජය විශාල වැඩපිළිවෙලක් ගෙන යනවා. එයට සහයෝගය දෙන්න ඕන.එදෙස පටු ලෙස බලන්න හොඳ නෑ ''යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya