මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය මානව හිමිකම් රැකීමට කැපවී සිටිනවා-විදේශ කටයුතු අමාත්‍ය

    මාර්තු 08, 2016

    රජය මානව හිමිකම් රැකීමට කැපවී සිටින බවත් බවත්  අතුරුදහන් වූවන් සම්බන්ධව කටයුතු කිරීමට නිත්‍ය කාර්යාලයක් පිහිටුවන්නට කටයුතු කරන බව බව  විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් ගෙනා අතුරුදහන් වූවන් පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.

     

    අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් වත්මන් රජය කටයුතු කරනවා. තම ඡාතීන් නැතිවූ දෙමාපියන් උතුරේ මෙන්ම දකුණේ ද ඉන්නවා. ඒ සියලු දෙනාටම තිබෙන වේදනාව එක හා සමානයි. අතුරුදන්වීම් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ජාති, ආගම් වශයෙන් භේද වී නොවේ.  අපේ රජය බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට එරෙහි ගිවිසුමට අත්සන් කර තිබෙනවා.

     

    මෙවැනි කටයුතු සම්බන්ධයෙන් අපි ඉතාම දැඩි පියවර ගන්නවා. ඒ සම්බන්ධයෙන් නීති සම්පාදනය කරනවා. කිසිඳු රජයක් දිඟු කලක් මෙවැනි කටයුතු සිදුකළේ නැහැ. අපි පළමු පියවර වශයෙන් එම ගිවිසුමට අත්සන් කර තිබෙනවා. එම ගිවිසුමේ සඳහන් කරුණු සඳහා නීතිමය ප්‍රතිපාදන ලබාදෙන්නට කටයුතු කරනවා.

     

    අපේ අමාත්‍යාංශය ජාත්‍යන්තරව සිදු වූ මෙම වෙනස්කම් සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා.. මේ පවුල් සඳහා දියහැකි සහන සම්බන්ධයෙන් සොයා බලනවා. මේ සම්බන්ධව කටයුතු කඩිනම් කරනව කියා මම පොරොන්දු වෙනවා.මේ පවුල්වලට සහන ලබාදෙන්නේ කෙසේද කියා බලනවා.

     

    අපි ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරන්නට පමණක් මේවා කරන්නේ නෑ.මේ රජය තදින් අවංකව විශ්වාස කරනවා,අප පසුගිය වැරදි නොකළ යුතුයි කියල.ජාතියක් ලෙස ඉදිරියට යා යුතුයි කියලා විශ්වස කරනවා.

    මේ පවුල්වල සාමාජිකයන්ට තිබෙන දුක දන්නවා.මෙම මාසය අවසන්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අතුරුදහන් වූවන්  සම්බන්ධව නිත්‍ය කාර්යාලයක් පිහිටුවන්නට කටයුතු කරනවා.ශ්‍රී ලංකාවට අනන්‍යය සභාවක් විය යුතුයි.

     

    අපට අවශ්‍යයි ත්‍රස්තවදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට.අලුත් නීති සම්මත කළ යුතුයි,ජාත්‍යන්තරය එක්ක සැසදෙන ආකරයට. මේ අවංකභාවය ඉතාම වැදගත්.මේ ප්‍රශ්න බුද්ධිමත්ව විසඳාගත යුතුයි.මෙය මානව හිමිකම් රැකීමට කැපවූ රජයක්.ප්‍රචණ්ඩත්වය ප්‍රශ්න ගොඩක් ඇති වුණා.අපිට එය නැවත ඇතිවන්නට අවශ්‍ය නෑ.එය නැවත ඇති නොවීමට නම් සැමගේ සිත් දිනාගත යුතු බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya