මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපි ජාතික සමඟිය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දී තිබෙනවා-අධිකරණ අමාත්‍ය

    මාර්තු 08, 2016

    අපි ජාතික සමඟිය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දී තිබෙනවා. සාමය ඇති කරන්නට අපි සියලු උත්සාහයන් අරගෙන තිබෙනවා. එම මූලික කාරණා වෙනුවෙන් රජය කටයුතු  කරනවා යැයි  අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.


    අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් ගෙනා අතුරුදහන් වූවන් පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ  යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.

     

    පසුගිය කාලයේ පැවැති ජනවාර්ගික අර්බුදය හේතුවෙන් මේ රටේ 60,000ක් පමණ තමන්ගේ ජීවිත අහිමි කරගත්තා. රජයේ හමුදාවන් 28,000ක් රටේ ඒකීයභාවය වෙනුවෙන් ජීවිත පූජා කළා. ඒ වඟේම බෙදුම්වාදයේ නිරත අපේම රටේ පිරිසක් මියගියා. මේ අතර අතුරුදන්වීම් ද සිදුවුණා. එදා සිදුවූ ඝාතන හා අතුරුදන්වීම් සම්බන්ධයෙන් දීර්ඝ විවාදයක් ඇතිවී නැහැ. සෑම කටයුත්තක දීම ජාතිකත්වය මුලට පැමිණියා. ජාත්‍යන්තර නීති සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වුණේ නැහැ.

     

    2009 යුද්ධයෙන් පසුව සමඟියෙන් ජීවත් වන්නට අවශ්‍ය පරිසරයක් පසුගිය රජය සමයේ සිට නිර්මාණය කළා. ඒ සම්බන්ධයෙන් විවිධ මත නිර්මාණ්‍ය වීමත් සමඟ ආණ්ඩු පෙරළියක් වුණා. අපි ජාතික සමඟිය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දී තිබෙනවා. සාමය ඇති කරන්නට අපි සියලු උත්සාහයන් අරගෙන තිබෙනවා. එම මූලික කාරණා වෙනුවෙන් රජය කටයුතු කරනවා. බන්ධනාගාර රැදවියන් බන්ධනාගාරවල උපවාසයක් ඇරැඹූ අවස්ථාවේ එම තත්ත්වය විසඳන්නට සාකච්ඡා ආරම්භ කළා. ඒ අවස්ථාවේ රැදවියන් 211ක් සිටියා. සාකච්ඡාවලින් පසුව එම ප්‍රමාණය අවම කරන්නට හැකියාව ලැබුණා.

     

    සියලු බන්ධනාගාරවල 39ක් නිදහස් කරන්නට පියවර ගත්තා. දැනට සිටින්නේ 17 දෙනෙකු පමණයි. විශේෂ මහාධිකරණය ස්ථාපිත කොට මොවුන් වෙනුවෙන් ඉතා ඉක්මණින් කටයුතු කරනවා. මේ වසර අවසන් වනවිට සියලු නඩු විසඳන්නට හැකියාව ලැබෙයි.


    අපි නීතියට අනුව කටයුතු කරනවා. ත්‍රස්තවාදී පනත යටතේ වැරැදි කළ අය 10 දෙනෙක් ද ඉන්නවා. මේ සියලු දෙනා සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් අපි දිඟින් දිඟටම වාද කිරීමේ දී පිළිතුරක් ලැබෙන්නේ නැහැ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya