මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ප්‍රතිපත්තියට අනුව වත්මන් රජය කටයුතු කරනවා- අමාත්‍ය කබීර් හෂීම්

    මාර්තු 08, 2016

    රටේ ප්‍රතිපත්තියට අනුව වත්මන් රජය කටයුතු කරන  බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විකිණීමේ කිසිඳු අපේක්ෂාවක් රජයට නොමැති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා  අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

     

    අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ගෙනා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

     

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විකිණීමේ කිසිඳු අපේක්ෂාවක් රජයට නැතැයි පෙන්වාදුන්

    ඇමැතිවරයා පසුගිය රජය 2015 වර්ෂය වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සමුච්චිත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 955ක් (රුපියල් බිලියන 128)බවද ඒ මුදලින් රටට අහිමි වූ දේ බොහෝ බවද සදහන් කළේය.


    ඉහළම ප්‍රමිතයෙන් යුතු පාසැල් 130ක් හෝ ඇඳන් 300ක් සහිත හොඳම රෝහල් 65ක් ඒ මුදලින් ඉදිකිරීමට තිබූ බව පෙන්වාදුන් ඇමැතිවරයා, දූෂණ හා වංචාව හේතුවෙන් පසුගිය 2008 වසරේ සමබරව පැවැති මේ ආයතනය අද වනවිටවලදමන තත්ත්වයට පත්ව තිබෙන බවද පැවසීය.

     

    එසේ පැවැති තත්ත්වය වත්මන් රජය විසින් වෙනස් කරන බව කී අමාත්‍යවරයා, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකරන බවද ඇතැම් ආයතන පෞද්ගලික අංශයේ සහාය මත කටයුතු කිරීමට සිදුවන අවස්ථාව තිබෙන බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, එය සිදු කරනවා නම්, ඒ පිළිබඳව දැනුවත් කරන බවද   පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya