මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන්ට ජනපති උපහාර

    පෙබරවාරි 29, 2016

    මල්වතු මහා විහාර පාර්ශවයෙන් ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය රත්මලේ පුඤ්ඤරතන හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති උපහාර පුද කිරීමේ උත්සවය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ හිගුරක්ගොඩ රජරට මහා විද්‍යාලයීය මෙත්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමිපාණන් වහන්සේට අභිනව ධූරය පිළිබඳ ශ්‍රි සන්නස් පත්‍රය පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා අතින් විජිණිපත පිළිගැන්වීම සිදු විය.

    මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ අනුනායක සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිපාණන් වහන්සේ, ඓතිහාසික සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පාහමුනේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසක්ද ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya