මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි ජනතාවට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය ඉටු කරනවා – ජනපති

    පෙබරවාරි 29, 2016

    වී මිලදී ගැනීමේදී සහ පොහොර සහනාධාරය ලබාදීමේදී ගොවි ජනතාව වෙනුවෙන් ඉටු කළ හැකි ඉහළම සාධාරණය ඉටු කිරීමට තමා පෞද්ගලිකවම කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    වී මිලදී ගැනීම සහ පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් අදාළ මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍යය නිළධාරින්ගේ මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ හමුව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

    වී අළෙවි කර ගැනීමේදී සහ පොහොර ලබා ගැනීමේදී තමන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ ගොවි සංවිධාන නියෝජිතයින් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ යෝජනා සහ අදහස් ද රජය වෙත ඉදිරිපත් කළහ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙවන් ගැටලුවලදී සියලු පාර්ශවයන් එක්ව සාකච්ඡා කර ඊට විසඳුම් ලබා ගැනීම අත්‍යාවශ්‍යය බවයි.

    එමෙන්ම සුදුසු අවස්ථාවල සුදුසු පියවර ගැනීම නිලධාරින්ගේ වගකීමක් බවද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ජනතාවගේ ගැටලුවලදී එහි වගකීම එක් ආයතනයකට පවරා කිසිවෙකුට ඉන් බැහැර විය නොහැකි බවද කියා සිටියේය.

    වී මිලදී ගැනීම සහ පොහොර සහනාධාරය පිළිබඳ මතුව ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වෙන අතර එහිදී ගොවි සංගම් නියෝජිතයින් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා විශේෂ සැළකිල්ලට ගන්නා බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    අමාත්‍ය පී. හැරිසන්, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්, වී අළෙවි මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිළධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya