අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්ධානයේ අවසන් රැළියට අතිවිශාල ජන ගඟක්

    මාර්තු 26, 2014

    බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග්‍රහණය තහවුරු කෙරෙන ජනරැළි මාලාවේ අවසන් විජයග්‍රාහී ජන රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ දෙබරවැව එන්.ටී. දයානන්ද ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.


     
    මෙම ජනහමුවට අති විශාල ජනතාවක් ක්‍රීඩාංගණයට එක්රොක් ව සිටි අතර ඔවුන් ප්‍රීති ඝෝෂා නංවමින් ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුදකර සිටියහ.

     

    අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්දයාපා අබේවර්ධන, ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී. ජයසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, මර්වින් සිල්වා, සාලින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ, මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඒ.එච්.එම්. අස්වර්, වී.කේ. ඉන්දික, උදිත ලොකුබණ්ඩාර, ශාන්ත බණ්ඩාර ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් ද සහභාගී වී සිටියහ.
     
    HC

     

    mass rally at Debarawewa 1

    mass rally at Debarawewa 2

    mass rally at Debarawewa 3

    mass rally at Debarawewa 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya