අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ අවසන් විජයග්‍රාහී ජන රැළිය ජනපති ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ දී

    මාර්තු 27, 2014
    මෙවර දකුණු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීමේ විජයග්‍රාහී ජන රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
     
    අති විශාල ජනතාවක් මේ අවස්ථාවට එක්ව සිටි අතර එම ජනතාව ප්‍රීති ඝෝෂා නගමින් ජනාධිපතිතුමා වෙත සිය ආචාරය පුද කළහ.
     
    ජාතික යොවුන් පෙරමුණේ අම්බලන්ගොඩ විධායක සභික සමන් චන්ද්‍රතිලක මහතා ඇතුළු පිරිසක් රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් මෙහිදී වේදිකාවට පිවිසියහ.
     
    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, අමාත්‍යවරුන් වන තිස්ස විතාරණ, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හේමාල් ගුණසේකර, නිශාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර, මොහාන්ද සිල්වා මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya