මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජනතාව අතර සාමය සහ සංහිදියාව ගොඩනැගීම නීතියෙන් පමණක් කළ නොහැකියි – ජනපති පවසයි

    ජනවාරි 19, 2016

    රටේ ජනතාව අතර සාමය සහ සංහිදියාව ගොඩනැගීම නීතියෙන් හෝ අලූතින් සම්මත කර ගන්නා පනතකින් පමණක් කළ නොහැකි බවත් එය සිදු කළ හැක්කේ ආගමික දර්ශනය අනුව බවත් ජනාධිපතිතුමා පවසයි.

    එබැවින් රටේ සියලූ ජන කොටස් අතර බිය, සැක තුරන් කර සාමය සහ සහෝදරත්වය ගොඩනැගීමට රජය ඇරඹු වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට පෙරට එන ලෙස තමා සියලූ ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කලූතර, පයාගල හින්දු විද්‍යාලයේ 2016 තෛපොංගල් උත්සවයට ඊයේ (18) පෙරවරුවේ එක් වෙමිනි.

     

    පාසල් සිසුන් අතර ජාතික සමගිය සහ සංහිදියාව ප‍්‍රවර්ධනය සදහා ආගමික හා සංස්කෘතික කි‍්‍රයාකාරකම් මෙවලමක් ලෙස යොදා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මම උත්සවය සංවිධානය කර තිබුණි.

     

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සසු දරුවන් විසින් හින්දු චාරිත‍්‍රානුකූලව පිළිගෙන විද්‍යාලය වෙත කැදවාගෙන යනු ලැබීය.


    හින්දු ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කිරිමද මෙහිදී සිදු විය.

     

    අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රට ගොඩනැගීමේදී ජාති, ආගම් බේද බාධාවක් කර ගත නොහැකි බවයි. රටේ සියලූ ජන කොටස් සාමයෙන් සමගියෙන් මෙන්ම සාධාරණ සමාජයක ජීවත්වනු දැකීම තම අරමුණ බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    ජාතික සංහිදියා වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට දේශපාලඥයින්ට වඩා වැඩි කාර්ය භාරයක් ආගමික නායකයින්ට ඉටු කළ හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ ජාතික සංහිදියා වැඩපිළිවෙල ශක්තිමත් කර නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අන්දමින් මුල් පදනම සැකසීමට එක්වන ලෙස මහා සංඝරත්නය ප‍්‍රමුඛ හින්දු, කතෝලික ඉස්ලාමීය සියලූ පූජකවරුන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

     

    හිටපු ජනාධිපතිනි චන්දි‍්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පළාත් අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි, රංජිත් සේමවංශ යන මහත්වරුන් ඇතුථ ජනතා නියෝජිතයින්ද, විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya