මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භික්ෂු කතිකාවත පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අනුමැතියට යටත්වයි – ජනපති පවසයි

    ජනවාරි 19, 2016

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති භික්ෂු කතිකාවත පිළිබඳ පනත් කෙටුම්පත කිසිසේත් අවසන් කෙටුම්පත නොවන බවත් එය පිළිගැනීම, ප‍්‍රතික්ෂේප කිරීම හෝ සංශෝධනය කිරීම ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුමැතියට යටත්ව සිදු කරන බවත් ජනාධිපතිතුමා පවසයි.

    අමරපුර නිකායේ ආදි කර්තෘ සැමරුම හා අමරපුර නිකායික පැවිදි සහ ගිහි උතුමන් ස`දහා උපහාර පුද කිරීමට ඊයේ (18) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

     

    මෙම පනත් කෙටුම්පත සකස් කිරීම නව රජය බලයට පත්වීමෙන් පසුව සිදු කරන ලද්දක් නොව වසර 25 කට පෙර මහා සංඝරත්නයේ ඉල්ලීම මත සකස් කරන ලද්දක් බව සඳහන් කළ ජනාධිපතිතුමා බලයට පත් සෑම රජයක්ම ඒ පිළිබඳ යම් යම් පියවර ගත් අතර නව රජයද මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා පරිදි එම කාර්යේ නියැලී ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

     

    පනත් කෙටුම්පත සකස් කර අවසන් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ගෞරවනීය මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීම සිදුව නොමැති බව පෙනෙන්ට ඇති අතර මෙම කෙටුම්පත නැවත ත්‍රෛනිකායික මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කර උන්වහන්සේලාගේ පූර්ණ අනුමැතියට යටත්ව එය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමා අග‍්‍රාමාත්‍යවරයා, බුද්ධ ශාසන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගම සම්බන්ධයෙන් ඇති කරුණු තව තවත් ශක්තිමත් කරමින් ශාසනික දියුණුව ඇති කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    අමරපුර නිකායේ සහ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරනු ලබන අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥානීස්සර මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ, අග්ගමහා පණ්ඩිත අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ද මහාචාර්ය ඇම්.යූ ද සිල්වා, එල්.එච්. පියසේන යන මහත්වරුන් ද මෙහිදී උපහාර සම්මානයෙන් පිදුම් ලැබීය.

     

    මහා සංඝරත්නය දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya