මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පිරී උතුරා යන කිරිදියර සේ සහජීවනයේ ආලෝකය විහිදයේවා ! – ජනපති

    ජනවාරි 15, 2016

    අපගේ සහෝදර ජනතාවගේ ආධ්‍යාත්මය සමඟ දැඩිව බැඳී පවතින තෛපොංගල් උත්සව දිනයේ ඔවුන් විසින් උතුරවන කිරි දියර සේ මනුෂ්‍යයින් වෙත මනුෂ්‍යයින්ගේ ආදරය ද, දැල්වෙන පහන් වැටි ඔස්සේ අඳුර දුරුවී සැබෑ සහජීවනයේ ආලෝකය ද විහිදයේවා යි ආශිංසනය කරන අතර ඔවුනට සුබ තෛපොංගල් දිනයක් වේවායි ප‍්‍රාර්ථනය කරන බව අදට යෙදී ඇති (15) තෛපොංගල් දිනය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ජාතියක අනන්‍යතාවය ද, නොකිළිටි සංස්කෘතික උරුමය ද දිදුළන්නා වූ තෛපොංගල් උත්සවය, වසර දහස් ගණනක් මුථල්ලේ පැවත ආ ආකාරයටම අද දවසේ ද පැවතීම තුළින් විදහා දැක්වෙන්නේ එය, වෙනස් වන කාලය හමුවේ විපරීතයන්ට ලක් නොවූ බව යයි ද එහි විශිෂ්ටත්වය ද එයම බව ජනාධිපතිතුමා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ජනාධිපති මෛත්රීමපාල සිරිසේන මැතිතුමා අදට (15) යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය මෙසේ ය

     

    ''මිනිසා සහ සොබාදහම අතර චිරාත් කාලීනව පවත්නා අවියෝජනීය සබඳතාව වඩාත් ආකර්ෂණීය ලෙස හා ගෞරවාන්විතව විදහා දැක්වෙන අවස්ථාවක් ලෙසින් තෛපොංගල් උත්සවය හැඳින්විය හැකිය. මෙම උත්සවය වඩාත් උත්කර්ෂවත් වන්නේ, මිනිසා මිහිකත කෙරෙන් ලබන්නා වූ සුපෝෂණය වෙනුවෙන් ඔහු විසින් පෙරළා සමස්ත සොබාදහම වෙනුවෙන් පිරිනමන්නා වූ කෘතවේදීත්වය ද සොබාදහමේ අසහාය බලවතා ලෙසින් සලකන සූර්යයා වෙනුවෙන් දක්වන්නා වූ අසීමිත භක්තිය ද මෙම උළෙල තුළ නිරූපිත බැවිනි.

    කෘෂිකාර්මික ජීවිතයට අනුගත වන මිනිසා මානව පුරාණයේ දුර ඈතක සිට අද දක්වා තෛපොංගල් වැනි උත්තම උත්සව රැුගෙන පැමිණියේ අන්‍යෝන්‍ය ගෞරවය, සාමූහික ගුණය සහ පොදු සමාජ සම්මුතීන් කෙරෙහි ද දැඩිව බැඳෙමිනි. එදවස ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කරවන්නට මෙබඳු උත්සව මහත් අනුබලයක් වූයේය. වර්තමානයෙහි අපගේ යුතුකම සහ වගකීම වනුයේ සොබාදහමට පූජනීයත්වයෙන් සලකන සමාජ උන්නතියට ද, සමාජ සහජීවනයට ද නන් අයුරින් දායක වන අතීත උරුමයන් එකී රුව ගුණ තේජස සමග අනාගතයට රැගෙන යාමය.

    ජාතියක අනන්‍යතාවය ද, නොකිළිටි සංස්කෘතික උරුමය ද දිදුළන්නා වූ තෛපොංගල් උත්සවය, වසර දහස් ගණනක් මුථල්ලේ පැවත ආ ආකාරයටම අද දවසේ ද පැවතීම තුළින් විදහා දැක්වෙන්නේ එය, වෙනස් වන කාලය හමුවේ විපරීතයන්ට ලක් නොවූ බවකි. එහි විශිෂ්ටත්වය ද එයම වන්නේය.

    අපගේ සහෝදර ජනතාවගේ ආධ්‍යාත්මය සමග දැඩිව බැඳී පවතින තෛපොංගල් උත්සව දිනයේ ඔවුන් විසින් උතුරවන කිරි දියර සේ මනුෂ්‍යයින් වෙත මනුෂ්‍යයින්ගේ ආදරය ද, දැල්වෙන පහන් වැටි ඔස්සේ අඳුර දුරුවී සැබෑ සහජීවනයේ ආලෝකය ද විහිදයේවා යි ආශිංසනය කරන අතර ඔවුනට සුබ තෛපොංගල් දිනයක් වේවායි ද ප‍්‍රාර්ථනය කරමි.''

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya