මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම දිස්ති‍්‍රක්කයකටම සම ලෙස සැළකීම රාජ්‍ය ප‍්‍රතිපත්තියයි – ජනපති

    ජනවාරි 13, 2016

    සංවර්ධනයේදී එක් දිස්ති‍්‍රක්කයකට වැඩිපුර සැළකීමත්, තවත් දිස්ති‍්‍රක්කයකට අඩු සැළකිල්ලක් දැක්වීමත් තම රාජ්‍ය ප‍්‍රතිපත්තිය නොවන බව ජනාධිපතිතුමා පවසයි.

     

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ බැංකු කටයුතු තවදුරටත් පහසු කරමින් ඉදිකෙරුණු වැලිකන්ද ලංකා බැංකු ශාඛාව (12) දින පෙරවරුවේ විවෘත කරමිනි.

     

    පසුගිය වසර කිහිපය තුළ සංවර්ධනයේදී පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට සිදුවූ අසාධාරණය වෙනුවෙන් එම ජනතාවට සාධාරණය ඉටු කිරීම සදහා ,පිබිදෙමු පොළොන්නරුව, විශේෂ සංවර්ධනය ව්‍යාපෘතිය දියත් කළ බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    පොහොර හිගයක් පිළිබද අද මාධ්‍ය ඔස්සේ ඇතැමුන් විවිධ අදහස් පළ කරන අතර ඒ පිළිබද තමා ඝෘජුව සොයා බැලූ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රට තුළ පොහෙර හිගයක් නොමැති බවත් සිදුව ඇත්තේ බෙදහැරීමේදී සිදු වූ අඩු පාඩු බවත් ඒවා වහාම නිවැරදි කිරීමට තමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවත් පැවසීය.

     

    කෙසේ වෙතත් කලට වේලාවට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සහ ජලය ලබාදෙමින් ද ඔවුන්ගේ නිෂ්පාදන සදහා වෙළද පොළ අවස්ථා පුථල් කරමින් ද ඔවුන් ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය.

     

    2015 ජනාධිපතිවරණයට පෙර පසුගිය රජය විසින් පිටරටින් ගෙන්වූ විශාල සහල් තොගයක් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් තවමත් ගබඩාවල පවතින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රටේ ආර්ථිකය ගැන නොසිතා ගන්නා ලද ඇතැම් කි‍්‍රයාමාර්ග නිසා ගොවි ජනතාව අපහසුතාවයට පත්වූ බවද කියා සිටියේ ය.

     

    එම සහල් සතොස වැනි රාජ්‍ය අංශ වෙත ලබා නොදී පෞද්ගලික අංශය වෙත හොර පාරෙන් ගෙන ගොස් තිබෙන බවත් මේ වන විට ඒ පිළිබද පරික්ෂණ සිදු කෙරෙන බවත් ජනාධිපතිතුමා පැවසීය.

     

    බඩ ඉරිගු පිට රටින් ගෙන්වීමට අවසර ඉල්ලා යෝජනාවක් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ බවත් එය තමා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කළ අතර රටේ ගොවි ජනතාවගේ ආර්ථිකයට හානිවන කිසිදු තීරණයක් ගැනීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිතුමා පැවසීය.

     

    වැලිකන්ද ගොවි ජනතාවගේ බැංකු පහසුකම් පුථල් කරමින් ඉදිකෙරුණු වැලිකන්ද ලංකා බැංකු ශාඛාව සියලූ පහසුකම්වලින් සමන්විතය.

     

    සමරු ඵලකය නිරාවරණය කර බැංකු ශාඛාව විවෘත කළ ජනාධිපතිතුමා එහි ප‍්‍රථම ගනුදෙනුකාර ගොවි මහතාගේ මුදල් තැන්පතුව භාර ගැනීමද සිදු කළේය.

    “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමද මෙහිදී සිදු වූ අතර ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන ශක්තිමත් කිරීම සඳහා කාර්යාල උපකරණ සහ ප‍්‍රජා සහභාගිත්ව වාරි පද්ධති කළමනාකරණය සඳහා තණකොල කපන යන්ත‍්‍ර බෙදාදීමද සිදු විය.

    මේ අතර අරලගංවිල ගොවි ජනතාවගේ බැංකු පහසුකම් පුළුල් කරමින් ඉදිකෙරුණු ලංකා බැංකුවේ අරලගංවිල ශාඛාව ද අද පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

     

    අරලගංවිල ඇතුළු අවට ගම්මාන 30 ක ජනතාවගේ බැංකු කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීමට මෙමගින් අවස්ථාව සැළසෙන අතර ප‍්‍රථම ගනුදෙණු කරුවන් තිදෙනාගේ තැන්පතු භාර ගැනීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    අමාත්‍ය කබීර් හෂීම්, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නාලක කොළොන්නේ, සිරිපාල ගම්ලත්, ලංකා බැංකුවේ සභාපති නීතිඥ රොනල්ඞ් පෙරේරා යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya