මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝමදාස ඇල්විටිගල අභිනන්දන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජනවාරි 16, 2016
    ශ‍්‍රී ලංකාෙවි සංගීත ක්ෂේත‍්‍රයට අමරණීය සේවයක් ඉටුකළ සෝමදාස ඇල්විටිගල ශූරීන්ට ප‍්‍රණාමය පුදකරනු පිණිස ”සිනිදු සුදු මුදු තලාෙවි” නමින් සංවිධානය කර තිබූ අභිනන්දන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාෙවිදී  පසුගියදා පැවැත්විණි.
    සංගීතෙවිදී සෝමදාස ඇල්විටිගලයන්ගේ ස්ව තන්ත‍්‍ර තනු මගින් හැඩ වූ ගීත කිහිපයක් ගායක ගායිකාවන් විසින් ගායනා කළ අතර ගීත වලට මනහර නර්තනාංගද එක්කර තිබිණි.
     
    සෝමදාස ඇල්විටිගලයන් සංගීත අධ්‍යක්ෂණය කළ නිර්මාණ ඇතුලත් සංයුක්ත තැටිය හා සමරු කලාපය ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුෙවිගම මහතා විසින්  ජනාධිපතිතුමා වෙත මේ පිළිගැන්වීමද මෙම අවස්ථාෙවි සිදුවිය.
     
    ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් ලබාදෙන මූල්‍ය පරිත්‍යාගය වෙනුවෙන් අදාළ වෙක්පත,  ජනාධිපතිතුමා සෝමදාස ඇල්විටිගල මහත්මිය වෙත ප‍්‍රදානය කළ අතර එම අවස්ථාවට සෝමදාස ඇල්විටිගල පදනමේ සභාපති සිරිල් වික‍්‍රමගේ මහතාද එක්විය.
     
    මෙම අභිනන්දන උළෙලට දිවයිනේ ජනප‍්‍රිය ගායක ගායිකාවන් ඇතුඑ ආරාධිත කලාකරුවන් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya