මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව පතන නව ව්‍යවස්ථාවක් ගොඩනගන්නට කැප වෙනවා- අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    ජනවාරි 12, 2016

    රටේ ජනතාව පිරිසිදු ජනවරමක් ලබාදී තිබෙනවා. ඒ වරම අකුරට ක්‍රියාත්මක කරමින් කවුරු විරුද්ධ වුවත් නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය අනුගමනය කර ජනතාව පතන නව ව්‍යවස්ථාවක් මේ රටට ගොඩනගන්නට කැප වන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ අද (12) දී මේ බව ප්‍රකාශ කළේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව විවාදයේ අඳහස් දක්වමිනි.

     

    ජනතා අභිලාෂයන් මුදුන්පත් කරන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ඇතිව තිබෙනවා. එදා උණ හැදුණත් විධායක
    ජනාධිපතික්‍රමය නිසා.අද එකම ගැලවුම්කාරයත් විධයක ජනධිපති ක්‍රමයයි. මේ දේශපාලඥයින් කතා කරන්නේ වස්ත්‍ර
    ඇදගෙනද?

     

    අපි ව්‍යවස්ථා පිළිවෙත අනුගමනය කරන්නේ නෑ කියලා ''ඒකාබද්ධ විනාශය'' ප්‍රකාශ කරනවා. ශිරාණි බණ්ඩාරනයක
    තනතුරෙන් ඉවත්කරන්නට කටයුතු කළේ නියමිත ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරලද?

     

    ජනතා වරමක් දුන්නේ නැද්ද නව රජය බිහිකරන්න. ජනවරමක් ලැබුණා නව ව්‍යවස්ථාවකට. යහපාලන ආයතන විනාශ කරලා, ස්වාධීන කොමිෂන් විනාශ කරල,18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේ ජනවරමක් ලබාගෙනද?තම බලය තහවුරු කරගන්න 18 වැනි සංශෝධනය ගෙනාවා.

     

    ඒකීයභාවය ගැන කතා කරනවා. බෞද්ධාගමට තියෙන මුල් තැන නැතිවෙනවා කියනවා. ඒකීයභාවයට කැමැති අය ඉන්නේ විරුද්ධ පාර්ශවයේ විතරද? අපි විශ්වාස කරන්නෙත් ඒකීය ශ්‍රී ලංකාවක්. මොනම හේතුවකටවත් ඒ ප්‍රතිපාදන පළුදු වෙන්නේ නෑ.

     

    මේ රටේ ජනතාව රවටා ඇස්බැන්දුම් දේශපාලනයක් ක්‍රියාත්මක කරලා,මහා ජාතික භීතිකාවක්  ගොඩනගලා,මහාදේශපාලන ගෝනිබිල්ලෙක් බවට නව ව්‍යවස්ථාව පත් කරලා,උත්සහ කරනවා,රටතුළ බෙදීම්,
    හැලහැප්පීම්,අතිකරලා,ජාතීන් අතර ආගම් අතර සමඟිය විනාශ කරන්නයි.

     

    ඒකාබද්ධ විනාශය යන ගමන බංකොලොත්. රටේ ජනතාව පැහැදිළි ජනවරමක් ලබාදී තිබෙනවා.
    රටේ ජනතාව පිරිසිදු ජනවරමක් ලබාදී තිබෙනවා. ඒ වරම අකුරට ක්‍රියාත්මක කරමින් කවුරු විරුද්ධ වුවත් නියමිත
    ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය අනුගමනය කර ජනතාව පතන නව ව්‍යවස්ථාවක් මේ රටට ගොඩනගන්නට කැප වෙනවා.

     

    නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පිටරට ගෝනිබිල්ලෙක් මවන්න හදනවා, මේ න්‍යායපත්‍රය සකස් කළේ පිටරැටියන් කියලා. ජනවරම ලැබුණේ පිටරැටියන්ගෙන් නොවේ.අපේ රටේ ජනතවගෙනුයි.ලබා දුන් පොරොන්දු අකුරටම ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා, අගමැතිතුමා සැදී පැහැදී සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya