මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ඒකීයභාවය සැහැල්ලු කරන්නට සූදානම් නෑ- අමාත්‍ය මහින්ද සමරසිංහ

    ජනවාරි 12, 2016

    රටේ ඒකීයභාවය සැහැල්ලු කරන්නට හෝ අඩු කරන්නට සූදානම් නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව විවාදයේ අඳහස් දක්වමිනි.

     

    බුද්ධාගමට හිමි තැන අහිමි කරන්නට යනවා කියනවා.එවැනි යෝජනාවක් කතා කර නෑ. එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නෑ.මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කරන,ඒකීය භාවය ආරක්ෂා කරන, රට සංවර්ධනය කරන අය මෙවැනි දේ කියන්නේ නෑ.

     

    විදේශිකයන් ව්‍යවස්ථාව සකස් කරනවා කිව්වා. මේක අමූලික බොරුවක්.ජනාධිපතිතුමා ප්‍රකාශ කළා, විදේශිකයන්
    ව්‍යවස්ථව හදන්නේ නෑ කියලා.ජනාධිපතිතුමා විදේශිකයන්ට රට බාරදෙන්න කිසිසේත් කටයුතු කරන්නේ නෑ.

     

    ව්‍යවස්ථ කාර්යයේ දී නම්‍යශීලීව කටයුතු කරමු.ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන,ජනතා සිතුම් පැතුම් ඉටුවන ඡන්ද ක්‍රමයක් ද මේ හරහා ලබාගැනීමට කටයුතු කරමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya