මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන )පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    ජනවාරි 12, 2016

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන )පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කළේය.

     

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

     

    පළාත් පාලන ආයතනවල දැනට සිටින සභිකයින්ට අමතරව සභික සංඛ්‍යාව වැඩිකිරීම මෙම පනත් කෙටුම්පතේ සඳහන්ව ඇත. පනත් කෙටුම්පතට අනුව එක් එක් පළාත් පාලන ආයතනයේ මුළු සභිකයින් සංඛ්‍යාව මුළු සභික සංඛ්‍යාවෙන් තුනෙන් එකකින් වැඩිකෙරේ.

     

    එමෙන්ම පළාත් පාලන ආයතන සභිකයින් තෝරා පත්කර ගැනීමේදී දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායම් විසින් එම පළාත් පාලන ආයතනයේ සියළු කොට්ඨාශ සම්බන්ධයෙන් නාම යෝජනා පත්‍ර දෙකක් ඉදිරිපත් කළ යුතු බවද පනත් තෙටුම්පතේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya