මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ,ආර්ථික,දේශපාලන විපර්යාසයන් සමඟ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සිදු වෙනවා

    ජනවාරි 12, 2016

    කාලයෙන් කාලයට ලෝකයේ රටවල්වල වෙනස්වීම්,සමාජ, ආර්ථික,දේශපාලන විපර්යාසයන් සමඟ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සිදු වෙනවා යැයි විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව විවාදයේ අඳහස් දක්වමිනි.

     

    ඒ නිසා අපේ රටේ ව්‍යවස්ථා පිළිබඳ ඉතිහාසය ගත් විට 18 සියවසෙන් ආරම්භ වෙලා,1931 ඩොනමෝර් ව්‍යවස්ථවත්,සෝල්බරී කොමිෂමේ නිර්දේශ අනුවත් 48 නිදහස ලැබිළා, මැතිවරණයක් තිබුණේ.

     

    බ්‍රිතාන්‍ය කිරීටය සමඟ තිබුණු සියලු බැදීම් අතහැර ඩොමීනියන් තත්ත්වයෙන් මෙපිටට ඇවිත් නිදහස්,ස්වාධීන් සෛවරී ජනරජයක් පත් කිරීම සඳහා ජනතාවගෙන් ලබාගත් බලය තුළින්, ජනතවට කියලා,ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැදුවේ.එසේ හැදීම සඳහ 1970 ජනවරමක් සිරිමාවෝ බණ්ඩරනායක මැතිණියගේ රජය ලබුණේ.

     

    78 ව්‍යවස්ථාව සම්පාදනය කරන කොට 72 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත තමයි,ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා 78 ව්‍යවස්ථාව සකස් කළේ.එතුමා හයෙන් පහක ජනවරමක් අරගෙන තමයි,78 ව්‍යවස්ථාව හැදුවේ.

     

    එදා සිට මේ ව්‍යවස්ථාවට සංශෝධන 19ක් කර තිබෙනවා.13 ව්‍යවස්ථා සංශෝධනය සුවිශේෂී එකක්.සිදු කළ සංශෝධන නිසා ව්‍යවස්ථවේ යම් යම් නොගැලපීම් ඇති වී තිබෙනවා.ව්‍යවස්ථා සම්පාදනයේ දී මේ සියලු කාරණා එකට සළකා බලා කටයුතු කළ යුතුයි.

     

    අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටුවක් පත් කළා,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඉදිරිපත් කරන්න.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ලෙස සංශෝධන 9ක් යෝජනා කළා.ඒ පිළිබඳව දින කීපයක් සාකච්ඡා කළා.කිසි කෙනෙකුට කියන්න බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවා පස්සට අදිනව කියලා.නිදහස් ලංකාවේ පළමුවරට පාර්ලිමේන්තුව උත්තරීතර කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේගයයි.ඒ නිසා ව්‍යවස්ථා නිර්මාණය කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිහාසයක් තිබෙනවායැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya