මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ජනතවගේ ම අඳහස් ව්‍යවස්ථාවේ නියෝජනය විය යුතුයි- අමාත්‍ය පාඨලී චම්පික රණවක

    ජනවාරි 12, 2016

    ව්‍යවස්ථාවක් කියන්නේ පනත් කෙටුම්පතක් නොවේ. ව්‍යවස්ථාව රාජ්‍යයේ කොටසක්. සමස්ත ජනතවගේ ම අඳහස් ව්‍යවස්ථවේ නියෝජනය විය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව විවාදයේ අඳහස් දක්වමිනි.

     

    රාජ්‍යයන් සම්ප්‍රදායිකව නෑ. ඒවා වෙනස් වෙමින් පවතිනවා. ලෝක ප්‍රාග්ධන වෙළඳපොළ තුළ රාජ්‍යයේ ස්වරූපය
    වෙන්ස් වී තිබෙනවා. නව ආර්ථික,තාක්ෂණික වාතාවරණය තුළ රාජ්‍ය පිළිබඳව පැරණි අඳහස්වල සිට ව්‍යවස්ථා පිළිබඳ කතා කිරීම විහිළුවක්.


    නව ව්‍යවස්ථාවක් සළකා බැලීමේ බරපතල අභියෝගයක් අපට ලැබී තිබෙනවා. රටේ ඒකීයභාවය, බෞද්ධාගමට ප්‍රමුඛතාවය පිළිබඳව අප කැපවී සිටිනවා. අප ජනමත විචාරණයකට නොයන ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් දින 100 තුළ ගෙන ආවා. දෙවැනි ජනවරමේ දී අප ප්‍රකාශ කළා, සියලු පක්ෂවල අඳහස් සළකා රටට ගැලපෙන
    ව්‍යවස්ථවක් සකස් කරන බව.

     

    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පිටින් කටයුතු කළ අවස්ථාවවල මේ රටේ ව්‍යුහය විසින් ඒවා ප්‍රතික්ෂේප කර පරාජයට පත් කර තිබෙනවා.අතීතයේ සිදු වූ ක්‍රියාදමයන් ගැන සළකා ලේ කඳුළු වන්දි නොගෙවන ශක්තිමත් ව්‍යවස්ථාවක් ගොඩනැගීම අපේ වගකීමක්. ව්‍යවස්ථාවක් කියන්නේ පනත් කෙටුම්පතක් නොවේ.ව්‍යවස්ථාවක් කල්පවතින්න නම්, සියලු දෙනාගේම සම්මුතියෙන් එකඟතාවයෙන් ඇතිවිය යුතුයි.

     

    සියලු දෙනාගේම අඳහස්, එකඟතා ඇති ව්‍යවස්ථාවක් ගොඩනැගිය යුතුයි. බලහත්කාරයෙන් නොව ජාතික සම්මුතියෙන් ඇතිකරගත් විධිමත් ව්‍යවස්ථාවක් ඇතිකිරීම අපේ වගකීමක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya