මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාධාරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ජාතික ගැටළුවට විසඳුම් ලබාදිය යුතුයි- විපක්ෂ නායක

    ජනවාරි 12, 2016

    සාධාරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ජාතික ගැටළුවට විසඳුම් ලබාදිය යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    විපක්ෂනායකවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන
    යෝජනාව පිළිබඳව අඳහස් දක්වමිනි.

     

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවක් ක්‍රියාත්මක කිරීම, සාධරණ මතිවරණ ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකමින් ජතික සන්ධානයක් නිර්මාණය කරමින්, මිනිසාගේ අභිමානය නිර්මාණය කරන බව සඳහන් වී තිබෙනවා.

    කිසිම සැකයක් නෑ, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලය දුන්නා, මෙය අත්‍යාවශ්‍ය කරුණ ඉටු කරයි කියලා.

    එක්සත් හා නොබෙදුන ශ්‍රී ලංකාවක් තුළ අප කටයුතු කළ යුතුයි. අවස්ථවක් එළඹී තිබෙනවා, මේ කර්තව්‍ය වෙනුවෙන් අපි නැගී සිටිමු.වෙනම රාජ්‍යයක් සඳහා කිසිදු ඉල්ලීමක් දැන් නැති බවත් විපක්ෂනායකවරයා පැවසී ය.

     

    අපේ රටට සැබෑ සාමය,සෞභාග්‍ය ඇතිකිරීමට හැකි දීප්තිමත් අනාගතයක් ඇති කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙනවා.මෙය අගමැතිතුමා ගෙන ආ ඓතිහාසික යෝජනාවක්.

     

    පක්ෂ,පාට, දේශපාලන භේදයකින් තොරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා සහාය ලබාදෙන ලෙසත් ඉන් ජාතික ගැටළුවට විසඳුමක් ගෙන එන,මූලික අයිතිවාසිකම් ගරු කරන, රටේ අභිමානය ආරක්ෂා කරන වගකිව යුතු රජයක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙන බවද විපක්ෂනායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya