මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඹිලිපිටිය සිද්ධිය සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරනවා- අමාත්‍ය සාගල රත්නායක

    ජනවාරි 12, 2016

    ඇඹිලිපිටිය නගරයේ දී සාදයක් අතරතුර පොලීසිය සමඟ ඇති වූ ගැටමකින් තරුණයකු මිය ගිය සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බවත් සිද්ධිය සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවත්  නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා අද මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ස්ථවර නියෝග 23(2) යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.

     

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසත් පොලීසිය ප්‍රතිසංවිධානය කළ යුතු බවත් මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා පැවසී ය.

     

    ගැටුම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව කී අමාත්‍යවරයා, විනිවිදභාවයෙන් කටයුතු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 22ක් ස්ථාන මාරු කර තිබෙන බවත් පැවසී ය.


    මේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වෙනවා. ස්වාධීන පරීක්ෂණයක් කරගෙන යනවා.ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya