මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවට අද කිසිදු සතුරු රාජ්‍යයක් නොමැති අතර ඇත්තේ මිතුරු රාජ්‍යයන් පමණක් බව ජනපති පවසයි

    ජනවාරි 12, 2016

    අද ශී‍්‍ර ලංකාවට ලෝකයේ කිසිදු සතුරු රාජ්‍යයක් නොමැති අතර ඇත්තේ මිතුරු රාජ්‍යයන් පමණක් බව ජනාධිපතිතුමා පැවසීය. මෙරටට අලූතෙන් පත්ව ආ තානාපතිවරුන් සත් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු අද (11) පෙරවරුෙවි ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා වෙත සිය අක්ත පත‍්‍ර භාරදුන් අතර ජනාධිපතිතුමා එහිදී මේ බව ප‍්‍රකාශ කළේය.

    විදේශ ප‍්‍රතිපත්තියෙහි ලා ශ‍්‍රී ලංකාව ගමන් කරන මැද මාවත පිළිබදව මෙහිදී විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට කෙටියෙන් කරුණු දැක්වූ ජනාධිපතිතුමා, ශ‍්‍රී ලංකාව ලොව සියලූ රටවල් වෙත මිත‍්‍රත්වයේ දෑත් දිගුකර තිබෙන බව ද පැවසීය.

     

    අද දින අක්තපත‍්‍ර භාර දුන් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් නියෝජනය කරන රටවල් සමග වෙළෙද, ආයෝජන සහ සංචාරක කර්මාන්තය ඇතුථ සියලූ ක්ෂේත‍්‍රයන්හි ශ‍්‍රී ලංකාව පවත්නා ද්වී පාර්ශවික සබදතා මෙම නියෝජිතයන් මගින් තව දුරටත් ශක්තිමත් වනු ඇති බවට ද ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

     

    තවද ජාත්‍යන්තර තලයේදී ශ‍්‍රී ලංකාව සහ මෙම රටවල් අතර පවතින සමීප සබදතාවය සිහිපත් කළ ජනාධිපතිතුමා, එම අවස්ථාවන් වලදී ශ‍්‍රී ලංකාව වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් එම රටවලට ස්තූතිය ද පළ කළේය. ශී‍්‍ර ලංකාවෙන් එම රටවල් වෙත ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවට ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    අද (11) දිනයේ ජනාධිපතිතුමා වෙත අක්තපත‍්‍ර බාර දුන් විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදිය.

     

    01. ශ‍්‍රී ලංකාෙවි චිලී රාජ්‍ය තානාපති – Andres Barbe ( ඇන්ඩ‍්‍රස් බාර්බ්)
    02. ශ‍්‍රී ලංකාෙවි සයිප‍්‍රස් මහ කොමසාරිස් – Dementrious Theophylacton (ඩෙමන්ටි‍්‍රයස් තියොපිලැක්ටෝ)
    03. ශ‍්‍රී ලංකාෙවි චෙක් ජන රජයේ තානාපති – Milan Hovorka (මිලාන් හොවෝකා)
    04. ශ‍්‍රී ලංකාෙවි ඩෙන්මාර්ක් තානාපති – Peter Taksoe Jensen (පීටර් ටැක්සෝ ජෙන්සන්)
    05. ශ‍්‍රී ලංකාෙවි ගෝතමාලානු තානාපති – George de La Rochew du Renzet Plihal
    (ජෝර්ජ් ද ලා රොචේ ඩු රැුන්සෙට් ප්ලිහාල්)
    06. ශ‍්‍රී ලංකාෙවි අයිවරි කෝස්ට් තානාපති – Sainy Tiemele (සේනි ටිමෙලේ)
    07. ශ‍්‍රී ලංකාෙවි කාම්බෝජ තානාපති – Pichkun Panha (පිකූන් පන්හා)
    08. ශ‍්‍රී ලංකාෙවි ඉරාන තානාපති – Mohammed Zaeri Amirani (මොහොමඞ් සරේ අම්රානි)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya