මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්සන් හෑගොඩ සමරු මුද්දරය හා මුල් දින කවරය නිකුත් කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජනවාරි 12, 2016
    ශී‍්‍ර ලාංකික ඡායාරූප කලා ශිල්පයේ පුරෝගාමියෙකු වූ දිවංගත විල්සන් හෑගොඩ මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ශී‍්‍ර ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ සමරු මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීමේ උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
    විල්සන් හෑගොඩ ශූරින් දෙස් විදෙස් කීර්ති නාමයක් දිනාගත් ප‍්‍රකට ජායාරූප ශිල්පියෙකි. කවියකු වශයෙන්ද ප‍්‍රසිද්ධියක් දැරූ ඔහු ජායාරූප ශිල්පයට කවීත්වය මුසු කරමින් ,අම්බපාලී, නම් කාව්‍ය නිර්මාණය ද, ,මලක සුවද, නමින් පද්‍ය සංග‍්‍රහය ද ඉදිරිපත් කරමින් සිය කාව්‍ය කුසලතාව ගෙනහැර දැක්වීය.
     
    අගනුවර තරුණ කවි සමාජයේ සහ ලංකා කලා සංගමයේ ලේකම්වරයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු ලංකා ජාතික ඡායාරූප කලා සංගමය ආරම්භ කරමින් ස්වභාෂාවෙන් ඡායාරූප ශිල්පිය හැදැරීමට දහස් ගණනක් තරුණ තරුණියන්ට අවස්ථාව සලසා දුන් පුරෝගාමියෙකි.
     
    විල්සන් හෑගොඩ පළමු සමරු මුද්දරය සහ මුල්දින කවරය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
     
    විල්සන් හෑගොඩ මහතා විසින් ගනු ලැබූ ඡායාරූප අතුළත් ප‍්‍රදර්ශනයක්ද මෙහි සංවිධානය කර තිබූ අතර එය නැරඹීමට ද ජනාධිපතිතුමාද එක් විය.
     
    තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, තැපැල්පති රෝහණ අබේරත්න, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ යන මහත්ම මහත්මීන් ද විල්සන් හෑගොඩ මහතාගේ පුත් ලාල් හෑගොඩ, පාලිත හෑගොඩ, නීතිඥ අනුර හෑගොඩ යන මහත්වරුන් ඇතුථ පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya