මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලින් තොර රාජ්‍ය පාලනයක් රට තුළ ගෙන නොයන බව ජනපති පවසයි

    ජනවාරි 11, 2016
    මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලින් තොර රාජ්‍ය පාලනයක් රට තුළ ගෙන නොයන බව ජනපති පවසයි.
    බෞද්ධාගමට හිමි තැන අහිමි කිරීමට නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළින් රජය සූදානම්වන බවට ඇතැම් අන්තවාදී පිරිසක් රට තුළ ප‍්‍රචාරයක් ගෙන යමින් සිටින බවද පැවසූ ජනාධිපතිතුමා රට, ජාතිය මෙන්ම මහා සංඝරත්නය බේද කරන එම ආනන්තරීය පාප කර්මයට එක් නොවන ලෙස තමා සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
     
    කොළඹ කොටුව ශී‍්‍ර බෝධිරාජ විහාරාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කර්මවාගාචාර්ය නිකුල ධර්මකීර්ති ශී‍්‍ර සීලරතන පඤ්ඤාසාරාභිධාන නායක ස්වාමින් වහන්සේට කොළඹ දිසාවේ ප‍්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම නිමිත්තෙන් පසුගියදා කොළඹ කොටුව ශී‍්‍ර බෝධිරාජ විහාරයේ පැවති උත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මෙසේ පැවසීය.
     
    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් බෞද්ධාගමට හෝ රටේ ඒකීය භාවයට කිසිඳු හානියක් සිදු නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා එවන් කිසිදු සදහනක් කොතනකවත් නොමැති බවත් මෙවන් ප‍්‍රකාශ සිදු කරන්නේ දේශපාලන පරමාර්ථ ඉටු කර ගැනීමට විනා දේශපේ‍්‍රමිත්වය හෝ ශාසනයට ලැදී බව නිසා නොවන බවත් ප‍්‍රකාශ කළේය.
     
    2015 ජනවාරි 08 වනදා මේ රට භාරගන්නා විට ජනතාවට ලබාදුන් ප‍්‍රතිඥාව අනුව හා තම දේශපාලන දර්ශනය මෙන්ම ගමේ පන්සලේ අභාෂය ලබමින් හැදී වැඩුණු සැබෑ බෞද්ධයෙකු ලෙස සම්බූද්ධ ශාසනය ආරක්ෂා කිරීමට තමන් බැදි සිටින බව පැවසූ ජනාධිපතිතුමා අනෙකුත් සියලූ ආගමිද ආරක්ෂා කරමින් සාධාරණ සමාජයක් ගොඩනැගීමට කැපවන බව ප‍්‍රකාශ කළේය.
     
    කොළඹ දිසාවේ ප‍්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලද ශී‍්‍ර සීලරතන පඤ්ඤාසාරාභිධාන නායක ස්වාමින් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    “පඤ්ඤාසාරාභිනන්දන” ග‍්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්විණි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya