මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථාව සකසන්නේ සමස්ත රට වැසියන්ගේ ගරුත්වය වෙනුවෙන් -අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න

    ජනවාරි 12, 2016

    ව්‍යවස්ථාව අපේ ගරුත්වය වෙනුවෙන් හදන එකක් නොවන බවත් මේ ව්‍යවස්ථාව සකසන්නේ සමස්ත රට වැසියන්ගේ ගරුත්වය වෙනුවෙන් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව විවාදයේ අඳහස් දක්වමිනි.



    78ව්‍යවස්ථාව ගෙන එනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රගතිශීලී බලවේග විරුද්ධ වුණා. එදා මමත් වෛද්‍යවරයෙකු ලෙස එයට විරුද්ධ වුණා.78 ව්‍යවස්ථව වෙනස් කරනව, කියලා එදා සිටි සිරිමාවෝ, චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ අපි හැමෝම එක අරමුණක් වෙනුවෙන් කටයුතු කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වාම සමහරු ඇඹරෙනවා. විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා, කියලා යෝජනාව හම්බන්තොට සම්මේලනයට මුලින් ම ගෙනාවේ මමයි.

     

    එදා තිබුණු තත්ත්වය අනුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට අපට සිදු වුණා. මම අද ඒ ගැන කණගාටු වෙනවා. අද වෙනකොට ව්‍යවස්ථ සංශෝධන යෝජනාව එනකොටම බියක් නිර්මාණය කරන්නට හදනවා.   

     

    අද මහ බිල්ලෙක් එන බව කියනවා. මේ හැමෝම එදා මේ දේවල්වලට දායක වුණා. තිස්ස විතාරණගේ සර්ව පක්ෂික කමිටුව මඟින් උත්සහ කළෙත් පාර්ලිමේන්තු ක්‍රමය මුලීක ක්‍රමවේදයක් ඇති කරන්නටයි.දැන් මොනවද මේ කියන්නේ. මේ සියලු වාර්තා මගේ ළඟ තිබෙනවා.

     

    ව්‍යවස්ථාවක් ගැන කතා කරන මෙවැනි මොහොතක මෙවැනි ආකාරයට දේශපාලන බංකොලොත්භාවයට වැටෙන්න
    එපා. පසුගිය මැතිවරණවලදී උතුරු නැඟෙනහිර ජනතාව අපෙන් වෙන දෙයක් ඉල්ලුවේ නෑ. ඔවුන් ඉල්ලුවේ ඔවුන්ගේ අභිමනයයි. අපේ රටේ සිටින හ සිටි කාලකන්නි ජාතිවාදීන් පිරිසයි මේ රට විනාශ කළේ. ව්‍යවස්ථාව අපේ ගරුත්වය වෙනුවෙන් හදන එකක් නොවේ.මේ ව්‍යවස්ථාව සකසන්නේ සමස්ත රට වැසියන්ගේ ගරුත්වය වෙනුවෙන්.මේ කාර්යය ඉටු කිරීමේ දී අපට කුණාටු එයි. අපි ඒ සියල්ලට මුහුණ දෙනවා යැයි ද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya