මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට

    ජනවාරි 09, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(09) පාර්ලිමේන්තුවට ඉදිරි පත් කළේ ය.


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මතිතුමා ඇතුළු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, මලික්
    සමරවික්‍රම,ඩී ස්වාමිනාදන්,අචාර්ය විජයදාස රාජපක්ෂ,පාඨලී චම්පික රණවක යන මහත්වරු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර
    තිබේ.

     

    ඒ අනුව අග්‍රාමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට එම යෝජනාව පර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු යැයි ශ්‍රී ලංකා ජනතාව අතර පුළුල් එකඟතාවක් ඇති හෙයින්ද,
    ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කෙරෙන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමෙහිලා පැහැදිලි ජනවරමක් ලබා දී ඇති
    හෙයින්ද,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවක් සම්මත කර ගැනීම සඳහා අතිගරු
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැහැදිළිව ප්‍රකාශ කර ඇති හෙයින් ද,මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කරනා වූද,ජාතික ප්‍රශ්නයට
    විසඳුම් සපයන්නා වූද, පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්
    සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යනුවෙන් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් තිබිය යුතු යැයි පාර්ලිමේන්තුව යෝජන සම්මත
    කරයි.

     

    මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ කතානායකවරයා ය. නියෝජ්‍ය සභාපතිවරු හත්
    දෙනෙකි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම සඳහා ගණපූරණය විස්සක් තිබිය යුතු බවද යෝජනා කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya