මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මා පිළිබඳව දේශපාලන න්‍යාය පත්‍රයක් නෑ-නූතන ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැඟීමේ වගකීම අපට බාර දී තිබෙනවා -ජනපති

    ජනවාරි 08, 2016

    මා පිළිබඳව දේශපාලන න්‍යාය පත්‍රයක් නෑ.මට තිබෙන්නේ රට පිළිබඳව දේශපාලන න්‍යාය පත්‍රයක් පමණයි. නූතන ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැඟීමේ වගකීම අපට බාර දී තිබෙනවා යැයි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

    මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ ජාතික සැමරුම සහ ජනපති පදවි ප්‍රාප්තිය සැමරීම වෙනුවෙන් අද (08) කොළඹ
    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික උත්සවයේ දී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ය.


    පසුගිය වසරේ ජනවාරි 8 වෙනිදා මේ රටේ සිදු වූ සාමකාමී දේශපාලන පරිවර්ථනයක වසරක් සැමරීමේ අවස්ථාවේ ආදරණීය ජනතාවගේ ප්‍රධාන සේවකයා ලෙස  ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

     

    පොදු අපේක්ෂකයා ලෙස මා තෝරාගත්,හැටදෙලක්ෂ පනස් දහසකට ආසන්න ජනතාවටත්, මා තෝරාගැනීමට එකඟ නොවූ 58
    ලක්ෂයක් ජනතාවටත් ගෞරවනීය ස්තූතිය පිරිනමනවා.


    වසරකට පෙර සිද්ධීන් එක තකින් ත්‍රාසජනකයි, විනෝදාත්මකයි, අත්දැකීම් බහුලයි, දේශපාලනයට අත්‍යවශ්‍ය පුළුල් මෙහෙවරක
    කාර්යභාරයක් ලෙස ඒ පිළිබඳව මා ඉතාමත් ම සතුටු වෙනවා.


    මගේ හිතවතුන්, මිත්‍රයින් බොහෝ අය මගෙන් අසන ප්‍රශ්නයක් තිබෙනවා.ඒ පිළිබඳව පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමාත් මාගෙන්
    විමසුවා.අහන ප්‍රශ්නය නම්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එකඟ වෙනවා. නිල කාලයෙන් පසුව පස්සේ මාගේ ස්ථානය හා තැන කුමක් ද කියලා අහනවා.


    සියලු දෙනාට ම මම ගෞරවයෙන් මතක් කරනවා, පස් වසරකට කාලයකට පසු මට හිමි තැන නොව මේ රට තිබෙන තැන
    පිළිබඳවයි මා සිතන්නේ.මා පිළිබඳව දේශපාලන න්‍යාය පත්‍රයක් නෑ. මට තිබෙන්නේ රට පිළිබඳව දේශපාලන න්‍යාය පත්‍රයක් පමණයි.


    ලෝකයේ කාගෙත් ගෞරවයට පාත්‍රවන පිළිගැනීමට ලක්වන ශ්‍රේෂ්ඨ ජතියක් බවට ඔබෙත් මගෙත් මාතෘ භූමිය ඉදිරි පස් වසර
    තුළ ගොඩනැගීමේ සිහිනය සැබෑ කරගැනීමයි ඔබේ මෙන් ම මගෙත් න්‍යාය පත්‍රය වන්නේ.

    පොදු අපේක්ෂයා ලෙස මා තෝරාපත් කර ගෙන ජයග්‍රහනය සඳහා කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල්
    වික්‍රම සිංහ මැතිතුමා,හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු
    මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි ද්‍රවිඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය, ජාතික හෙළ උරුමය,ජනතා විමුක්ති පෙරමුණ
    ,සිවිල් සංවිධාන, ගෞරවණිය සංඝරත්නය, පූජ්‍ය පක්ෂය, සිවිල් සංවිධාන ,වෘත්තීය සංවිධාන කැප වූ පරිත්‍යාගශීලීභාවයට ස්තූතිවන්ත වෙනවා.

     

    වසරක් තුළ මොනවද කළේ කියලා ඇතැම් අය අහනවා. සමහරු කියනවා අපි උත්සහ කරන්නේ,රට දෙකඩ කරන්න කියලා. සමහර
    අය කියනවා බුද්ධාගමට ඇති තැන නැති කරන්න හදනවා කියනවා.ජාතික ආරක්ෂාව බිඳින්න හදනවා කියනවා.

     

    මම ඒ සියලු දෙනාටම කියනවා, අප උත්සහ කරන්නේ ඔබ කියන දේ නොව, ඔබ නොදකින,නොතේරෙන දේ ඉටු කරගැනීමට අපි
    උත්සහ කරන්නේ.


    වසරක් ගතවන අවස්ථාවේ අප බලයට පත් කිරීමට කැප වූ කරුණු කීපයක් ප්‍රධාන වගකීම් අතර ශ්‍රී  ලංකාව සමාජ ප්‍රජාතන්ත්‍රවාදීකරණය අප තුළින් බලාපොරොත්තු වෙනවා. මේ රටේ තිබුණු දූෂණය, වංචාව ,නාස්තිය ඉවත් කර යහපාලනයක් තුළ මූල්‍ය විනයක් හා යහපත් ආර්ථික කළමනාකරණයක් බලාපොරොත්තු වෙනවා.නූතන ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැඟීමේ වගකීම අපට බාර දී තිබෙනවා.

     


    වසර 40කට වඩා කතා කළ මේ රටේ මැතිවරණ දූෂණ අක්‍රමිකතා වළක්වන්නට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටුවනු
    ලැබුවා.රජ්‍ය සේවය, පොලීසිය,අල්ලස් කොමිෂම ආදී කොමිෂන් පිහිටු වීමට කටයුතු කළා.එය බඩට නොදැනෙන දෙයක් වුවත් එය ඇසට නොපෙනුනත් එය මානව සමාජයේ විශිෂ්ඨත්වය සහ ශ්‍රේෂ්ඨත්වය සඳහා අප විසින් කරන ලද විශිෂ්ඨ කාර්යයක්.

     

    නූතන ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැඟීමේ කාර්යයේ දී අද මෙන් ම හෙට දවස සඳහා තිබිය යුතු ජාතික සංහිදියාව,රටේ ජනතාවගේ
    විශ්වාය අත්‍යවශ්‍ය වෙනවා.එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කී මූන් මහතාට ස්තූතිවන්ත වෙනවා, අද දිනයේ සුබපැතීම පිළිබඳව.

     

    අපේ රට ගොඩනගන්න, ශක්තිමත් කරන්න,අපේ ප්‍රශ්න හඳුනාගැනීමට අවශ්යයි. අපි කැප කිරීම් කරන්නට අවශ්‍යයි.උතුරේ
    සහ දකුණේ අන්තවාදී පිරිස්වල අපේක්ෂා සහ බලාපොරොත්තු සුන් කළ යුතුයි.මේ රටේ නවත යුද්ධයකට ඉඩ නොදී ස්ථීර සාමයක්
    සහිතව මේ රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු වූ අවශ්‍ය පරිසරයක් ගොඩනගීම අප විසින් කළයුතු වෙනවා.

     

    රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අනෙකුත් පක්ෂත්,මේ එකතුව ඇතැමෙකුට විදවන්න බෑ. පිළිගන්න බෑ.මේ කාර්යය,මේ රටේ උගත්
    බුද්ධිමත් ජනතාවගේ අති ගෞරවයට හා ප්‍රසාදයට ලක්ව තිබෙනවා.රාජ්‍ය නායකයන්ගේ ආශීර්වාදය තිබෙනවා.

     

    රටේ යහපත වෙනුවෙන් සාමකාමී දේශයක් ගොඩනැගීම වෙනුවෙන් එන සියලු අභියෝග ආදරයෙන් වැළඳ ගන්නත් ජීවිත පරිත්‍යාගයෙන්
    ඉටු කරන්න අධිෂ්ඨානශීලී වී තිබෙනවා.

     

    මා භායනක අභියෝගය බාට ගත්තේ 2014 නොවැම්බර් 21දිනයයි.ඒ ආණ්ඩුවෙන් එළිය ආ එකයි.මා වඩාත්ම සතුටින් සිටි දවස තනතුරු සියල්ල අතහැරි ඒ දවසයි.

     

    අප ගමන් කරන්නේ සරළ පහසු ගමනක් නොවේ.අපි අභියෝගාත්මක ගමනක් යන්නේ.ඇමෙරිකාවේ ලින්කන් මැතිතුමා
    වෙඩිතබා මරාදැමුවා.ආචාර්ය මාර්ටින් ලූතර් කිං වෙඩිතියලා මරලා දැම්මා. අවිහිංසාවාදයේ මහා මානව දායාදය, මහත්මා ගාන්ධී
    මොහොතින් ඝාතනය කළා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා කුරුරු ලෙස ඝාතනය කළා.ලෝකයේ සමාජය වෙනස්
    කරන්නට, රුදුරු බව වෙනස් කරන්නට, හිංසාව වෙනස් කරන්න යන මිනිසුන්ට, තම මිනිසුන් විසින් ම ලබාදී තිබූ දායාදය හා තිළිණය
    වේඩිල්ල, ජීවිතය අහිමි කිරීමයි.

     


    එහෙත් එයින් අපි ඉගෙන ගන්නා පාඩම් තුළින් පසුබට විය යුතු නෑ. ශක්තිමත් විය යුතුයි.ඒ සඳහා ජනතාව එක් කළ යුතුයි.වර්තමාන
    නූතන මිනිසා තොරතුරු තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යනවා. ඒ ලෝකයේ තරඟකාරී සමාජයට අපේ දරුවන් එක් කිරීමේ
    කාර්යය කළ යුතු වෙනවා.අද දවසේ ජීවත්වන ජනතාවට යහපත් අනාගතයක් සඳහා, මෙන් ම හෙට උපදින දරුවන් වෙනුවෙන් සතුටුන්
    ජීවත්වන පරිසරය නිර්මාණය කළ යුතු වෙනවා.

     

    කුමන අභියෝග ආවත් කළ යුතු වෙනස් කම් කරන්නත් ගත යුතු තීන්දු තීරණ ගත්තත් අවශ්‍ය ආකාරයට තීරණ නිසි කලට ගන්නත්
    කිසිකලෙක පසු බට වන්නේ නෑ යැයි ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

     

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, එවකට අමාත්‍යවරයකුව සිටියදී එතුමා ඝාතනය කිරීමට උත්සහ කළ සිවරාසා ජිනීවන්
    තැනැත්තාට ජනාධිපති නිදහස ලබාදී තිබූ අතර එම තැනැත්තා ජාතික සැමරුම පැවැති උත්සව වේදිකාවට කැඳවා ජනාධිපතිතුමා
    මුණගැසීමට අවස්ථාව ලබාදීම මෙහි සිදු වූ සුවිශේෂී අවස්ථාවකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya