මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය ආයතනයකට ලබාගත හැකි ඉහළම විශිෂ්ටත්වය වන්නේ අපක්ෂපාතීභාවය සහ ස්වාධීනත්වය බව ජනපති පවසයි

    ජනවාරි 08, 2016

    මාධ්‍ය ආයතනයකට ලබාගත හැකි ඉහළම විශිෂ්ටත්වය වන්නේ අපක්ෂපාතීභාවය සහ ස්වාධීනත්වය බව ජනාධිපතිතුමා පවසයි.

    සිය සුජාත භාවය ආරක්ෂා කර ගනිමින් රටේ අනාගතය වෙනුවෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටු කිරීම රාජ්‍ය හා පෞද්ගලික සියලූ මාධ්‍ය ආයතනවල වගකීම බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 49 ක් සපිරිම නිමිත්තෙන් අද පස්වරුවේ ගුවන් විදුලි සංස්ථාවේ පැවති උත්සවයට එක් වෙමිනි.

     

    මාධ්‍ය පිළිබද කථ පැල්ලම් රැුසක් ගෙවී ගිය වසර කිහිපය තුළ ඉතිහාසයට එක්වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එදා අරලියග මන්දිරයෙන් පුවත්පත්වලට ප‍්‍රධාන සිරස්තලය ලබාදුන් යුගය නිමා කර මාධ්‍යවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වත්මන් රජය කටයුතු කළ බවද කියා සිටියේය.

     

    තම ප‍්‍රතිරූපය ගොඩ නංවා ගැනීමට තමා කිසිදු මාධ්‍ය ආයතනයකට දුරකථන ඇමතුම් ලබාදී නොමැති අතර ඉදිරියේදීද එවැන්නක් සිදු නොකරන අතරම රටත්, ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරමින් සත්‍යවාදී සහ සදාචාරවත් අයුරින් සිය වගකීම් ඉටු කිරීමට මාධ්‍ය ආයතන කැපවනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසීය.

     

    රටේත්, ජාතියේත් ජීවය වෙනුවෙන් සිය යුග මෙහෙවර නිසි ලෙස ඉටුකළ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව පැමිණ ගමන් මග ප‍්‍රශංසනීය බවද පැවසූ ජනාධිපතිතුමා එහි 49 වන සංවත්සරය වෙනුවෙන් සිය සුභාශිංසන පළ කළේය.

     

    ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් මාළිගාවත්ත වකුගඩු රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකය ප‍්‍රතිසංකරණය කිරීමට අදාල උපකරණ ලබා ගැනීම වෙනුවෙන් වූ චෙක්පත නිල වශයෙන් ජනාධිපතිතුමා අතින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු විය.

    සිංගර් ශී‍්‍ර ලංකා ආයතනයේ අනුග‍්‍රහයෙන් මාළිගාවත්ත වකුගඩු රෝහලට, කොළඹ ජාතික රෝහලට, මහරගම පිළිකා රෝහලට සහ රිජ්වේ ආර්යා ළමා රෝහලට මෙන්ම කාසල් වීදීයේ කාන්තා රෝහලට ශීතකරණ ප‍්‍රදානය කිරීමක් මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා අතින් ඊට අදාල ලිප පිළිගැන්විනි.

    වකුගඩු පරිත්‍යාගශීලින්ට උපහාර තිළිණ ප‍්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    අමරපුර මහා නිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගි‍්‍ර සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ද, කථානායක කරු ජයසූරිය, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසාම්මිල්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුත්තෙට්ටුවේගම යන මහත්වරුන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya