මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැත්තකට වැටී කිසිම බලාපොරොත්තුවක් නොතිබූ රටක් ඉදිරියට ඇවිත් තිබෙනවා- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    ජනවාරි 08, 2016

    පැත්තකට වැටී කිසිම බලාපොරොත්තුවක් නොතිබූ රටක් ඉදිරියට ඇවිත් තිබෙනවා.ඒ සඳහා ජනාධිපතිතුමා විශාල කැප වීමක් කර තිබෙනවා. බලාපොරොත්තු ඉටුවන පාලන ක්‍රමයක්,රටේ ජනතාවට සෙතක් වන ජනතාවගේ වැඩකටයුතු කළ හැකි පාලන ක්‍රමයකට මුලපුරා තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ ජාතික සැමරුම සහ ජනපති පදවි ප්‍රාප්තිය සැමරීම වෙනුවෙන් අද (08) කොළඹ
    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික උත්සවයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බව ප්‍රකාශ
    කළේ ය.

     

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, ජනාධිපතිධූරය බාර අගත්ත වසර අවසන් වනවිට හොඳ විස්තරයක් මේ සතියේ ලැබුණා.පාකිස්ථාන අග්‍රමාත්‍ය නවාස් සරීෆ් අගමැතිතුමා කිව්වා, ඔබලා හරි වාසනා වන්තයෝ කියලා, ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවන්නට පුළුවන් වුණා. මෙලෙස ඉදිරියට ගියාම, ශ්‍රී ලංකාව මේ කලාපයෙන් ඉදිරියෙන් ම සිටින බව කිව්වා.

     


    ඊයේ ජනාධිපතිතුමා සහ මා ශ්‍රී ලංකා ආර්ථික සමුළුවට සහභාගී වුණා. ඒ අවස්ථාවේ දී ජාත්‍යන්තර ආර්ථිකයට තිබෙන බාධක ගැන
    කීවා .2016 ජාත්‍යන්තර ආර්ථිකය ගැන හොඳ පුවත් නෑ, කියලා සඳහන් කරන ගමන් සමහර තැන්වල හොඳ පුවත් තිබෙනවා. අද
    ලෝකයේ විශ්වාසය තියන්න පුළුවන් තැනක් ශ්‍රී ලංකාව කිව්වා. මේ ඇති කර තිබෙන ජාතික ආණ්ඩුව නිසා ජාත්‍යන්තර ආර්ථිකයේ
    කොතරම් ප්‍රශ්න ඇති වුවත්, මේ අවසර අවාසි වුවත් ශ්‍රී ලංකාවට ඉදිරියට යන්න හැකි බව කිව්වා.

     

    යහපාලනය පටන්ගෙන තියෙනවා කියල ඒ අය පිළිගෙන තිබෙනව.පක්ෂ එකතුවෙලා ඉදිරියට යන්න බලන්නේ.අපේ
    ජනාධිපතිතුමා සම්ප්‍රදායික එක පක්ෂයක අපේක්ෂයෙක් නොවේ.රටෙන් ම බිහි වුණා.වමයි දකුණයි එකතු වුණා.සිංහල මුස්ලිම් දෙමළ
    සියලු දෙනා, ගම නගරය එකතු වුණා. එකතු වී තමයි, ජනවාරි 8 වෙනිදා විප්ලවයක් තිබුණේ.

     

    මෙය විප්ලවයක් නොවේ පුදුමයක් කිව්වා. වසරක් තුළ දී පැත්තකට වැටිලා කිසිම බලාපොරොත්තුවක් නොතිබූ රටක් ඉදිරියට ඇවිත්
    තිබෙනවා. ජනාධිපතිතුමා විශාල කැප වී තිබෙනවා. අද ජාතීන් අතර සබඳවක් තිබෙනවා. එක මවකගේ දරුවන් ලෙස ඉදිරියට
    යන්න කටයුතු කරනවා. පිරිසිදු දේශපාලනයක් ගෙන්න අවුරුද්ද තුළ විශාල සතුටක් ලබන්න පුළුවන් ගිය ගමන පිළිබඳව. ඒ සඳහා
    නායකත්වය දුන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙන්න ඕන.


    මේ වසරේ සියලු දේශපාලන වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. ඔක්කෙම සකස් කරලා අවසන් .හෙට පාර්ලිමේන්තුවේ රැස්වී
    ව්‍යවස්ථා සම්පදක මණ්ඩලයක් ලෙස ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න එකතු වෙනවා.යහපාලනය එතැනදී තහවුරු වෙනවා.
    ඔබගේ බලාපොරොත්තු ඉටුවන පාලන ක්‍රමයක් රටේ ජනතාවට සෙතක් වන ජනතාවගේ වැඩකටයුතු කරන්න හැකි පාලන
    ක්‍රමයකටයි මුලපුරන්නේ.හෙට ගේන යෝජනාවට එකඟ වන හා විරුද්ධවන අය ඉන්නවා. අපි ආකල්පය හදගෙන ඉදිරියට යනවද
    පරණ ලෙස ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලනයේ අපි හිර වී මඩවලේ ඉන්නවද කියලා හෙට තීරණය කරන්න තියෙනවා.


    මේ ව්‍යායාමය අත හරින්නේ නෑ.මේ වසර සාර්ථකව ඉටු කළා වාගේ ජාතික ආණ්ඩුවක් ඇති කරන්න කටයුතු කළ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya